ආර්ථික
ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසායන් මිල දී ගන්න ඉන්දියානු සමාගම් පොරකති
image for ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසායන් මිල දී ගන්න ඉන්දියානු සමාගම් පොරකති

විකුණා දැමීමට නියමිත ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් කෙරෙහි ඉන්දියානු සමාගම් ඉතා ඉහළ උනන්දුවක් දක්වන බව මේ වන විට ඉදිරිපත්ව ඇති ලංසු දෙස බැලීමේදී පෙනී යයි.

විකුණා දැමීමට නියමිත ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් කෙරෙහි ඉන්දියානු සමාගම් ඉතා ඉහළ උනන්දුවක් දක්වන බව මේ වන විට ඉදිරිපත්ව ඇති ලංසු දෙස බැලීමේදී පෙනී යයි.

කැන්විල් හෝල්ඩිංග්ස්: විකුණා දැමීමට ලංසු කැඳවා ඇති තවත් එක් ආයතනයකි. අර්ධ වශයෙන් වැඩ නිම වූ මහල් 47කින් යුත් කොල්ලුපිටියේ පිහිටා ඇති ගොඩනැගිල්ලක් මෙම සමාගමට අයිතිය. එය හයට් (Hyatt) හෝටලයක් බවට පත් කිරීමට අවශ්‍ය ගිවිසුමකට මෙම ගොඩනැගිල්ල ඉදි කළ කැන්විල් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් වන සිනොලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගම හයට් සමාගම සමග 2012 වසරේදී එළඹ තිබුණි. තව ද හම්බන්තොට ප්‍රදේශයේ වෙරළබඩ පිහිටි අක්කර 9කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ද මෙම සමාගම සතුය.

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මේ සතියේදී පැවසූයේ කැන්විල් හෝල්ඩිංග්ස් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට පූර්ව සුදුසුකම් ලබා ඇති අයෝජකයන් හය දෙනාගෙන් පස් දෙනෙක්ම ඉන්දියානු සමාගම් වන් බවය.

මොනවද මේ සමාගම්: 

  1. RKG Fund 1-Scheme of RKG Trust (India)
  2. Gland Celsus Bio Chemicals Private Limited (India)
  3. DB Realty Limited (India)
  4. Jindal Films India Limited (India)
  5. Bright Star Investment Limited (India)
  6. Consulting Engineers and Contractors (Pvt) (Ltd) and K.D.A. Weerasinghe &  Co. (Pvt) Ltd (Sri Lanka)

 

මෙයට අමතරව ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානිගේ Reliance industries හට අයිති සමාගමක් වන Jio Platforms Ltd රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සියයට 50කට අධික කොටස් මිලදී ගැනීමට ලංසු ඉදිරිපත් කිරීමට නියමිතය. 

වැඩිදුර කියවන්න: https://neonmedia.lk/2024/01/16/cG9zdDo5Nzk=/ශ්රී-ලංකා-ටෙලිකොම්

තව ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලාන ගුවන් තොටුපොළ හා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමක් මගින් ඉදිරියේදී කළමනාකරණය වීමට ඉඩ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෑතකදී පවසීය. 

වැඩිදුර කියවන්න: https://neonmedia.lk/2024/01/31/cG9zdDoxMTAw/ගුවන්තොටුපළ-කළමනාකරණය