ග්‍රහලෝකවල හැසිරීම අනුව ඔබේ ජීවිතය තීරණය වෙන්න ඉඩ හරිනව ද එහෙමත් නැත්නම් ඔබගේ උත්සාහයෙන් ඔබට ඕනෑ විදිහට ජීවිතය සකසා ගන්නවා ද? ඔබ ඉන්නේ මින් දෙවැනි තැන නම් සෙනසුරු අතුරුදහන් podcast එක ඔබ සඳහාමයි. පුළුල් අදහස් සහ ව්‍යවසායකත්වය සෙනසුරු අතුරුදහන් වැඩසටහන් මාලාවේ අධිපති තේමා වේ. ආචාර්ය නිර්මාල් ද සිල්වා විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන් මාලාව සඳහා ව්‍යාපාර නායකයින්, සමාජ බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන්, වෘත්තිකයන්, තාක්ෂණඥයින් හා නීති සම්පාදකයින් වැනි සමාජයට විශාල ලෙස බලපෑම් කළ හැකි පුද්ගලයින් සහභාගි වෙයි. ගැඹුරු විෂයපථයන් පාඨකයාට සිත් ඇදගන්නාසුලු ලෙස ඉදිරිපත් කිරීමේ Neon උත්සාහයෙහි තවත් එක් අදියරයකි සෙනසුරු අතුරුදහන්!
ඔබ සඳ ඉලක්කය කර ගත්තොත්, සඳට ළඟා වීමට බැරි වුණත් තරු අතර රැඳෙනු ඇත! ෆහාඩ් ෆාරූක් විසින් මෙහෙයවනු ලබන උතුරු තරුව වැඩසටහන හරහා තම තමන් නියැළී සිටින ක්ෂේත්‍රයන්හි සිටින තරුණ නායකයින් ඔවුන් එම තත්ත්වයන්ට ළඟා වීමේදී පදනම වූ අරමුණු හා වටිනාකම් පිළිබඳව සාකච්ඡා කරයි. තරුණ ව්‍යවසායකයින්, කලාකරුවන්, ක්‍රීඩා තරු, වෘත්තිකයන් හා බලපෑම් කරන්නන් (influencers) මෙම වැඩසටහනේ ප්‍රධානතම සම්පත්දායකයින් වේ. ආනන්දය තුළින් ප්‍රඥාව කරා Neon යන ගමනේ උතුරු තරුව මුඛ්‍යතම කොටස්කරුවෙකි.