
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලට ගැනීමට ඉන්දීය සහ චීන ආයෝජකයින් කැමැත්ත පළ කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලට ගැනීමට ඉන්දීය සහ චීන ආයෝජකයින් කැමැත්ත පළ කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (Sri Lanka Telecom PLC) මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ සහ චීනයේ ආයෝජකයින් කැමැත්ත පළ කර ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ආයෝජකයන් කවුද?: ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ Reliance industries හට අයිති සමාගමක් වන Jio Platforms Ltd, සහ Gortune International Investment Holding Ltd යන සමාගම් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලට ගැනීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.
Gortune International යනු පෞද්ගලික චීන ආයෝජකයන්ගෙන් සැදුම්ලත් ආයතනයක් බව වෙළඳ පොළ ආරංචි මාර්ග පැවසීය. තුන්වන ලංසුකරු වන්නේ අලිරාජා සුබාස්කරන්ගේ Lycamobile සමාගමයි.
ඉන්දියාවේ ප්‍රධන දුරකතන ජාලයක් වන Bharti Airtel සමාගම මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ජංගම දුරකතන සේවාවක් Airtel Sri Lanka ඔස්සේ පවත්වා ගෙන යයි. ඔවුන් ද ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරෙහි උනන්දුවකින් පසු වන බව දැනගන්නට ලැබේ.
වරාය ක්ෂේත්‍රයට රටවල් දෙකේ මැදිහත් වීම: ඉන්දියාව සහ චීනය දැනටමත් ලංකාවේ වරාය ක්ෂේත්‍රය සඳහා මැදිහත් වී ඇත. කොළඹ වරාය තුළ චීනයට අයත් පර්යන්තයක් දැනටමත් ඇති අතර ඉන්දියාවේ අදානි සමූහය ද එහි බහාලුම් පර්යන්තයක් ඉදි කරමින් සිටියි. චීනය හම්බන්තොට වරාය තුළ ද ක්‍රියාත්මක වන අතර එහි කොටසක හිමිකාරීත්වය ද දරයි.
බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තත්ත්වය: ඉන්දියාවේ අදානි සමූහය මෙරට තුළ පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන බලාගාර ගොඩනගමින් සිටියි. නමුත් මේ සඳහා තරගකාරී ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඔවුන් හට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් පවතී. උතුරු පළාත සඳහා තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් හමුවේ හිමි වන්නට ගිය චීන බලශක්ති අංශයේ ආයෝජනයක් ඉන්දීය බලපෑම් හමුවේ ලංකා රජය විසින් අවහිර කරන ලද බව ද වාර්තා විය.