
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස වසර හතරකට ආසන්න කාලයක් කටයුතු කළ ජුලී චන්ග් එළඹෙන ජනවාරි 16 වනදා සිය ධුරයෙන්ස මුගෙන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස වසර හතරකට ආසන්න කාලයක් කටයුතු කළ ජුලී චන්ග් එළඹෙන ජනවාරි 16 වනදා සිය ධුරයෙන්ස මුගෙන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
2022 වසරේ පෙබරවාරි මාසයේදී සිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර ආරම්භ කළ චන්ග්ගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතාවල වැදගත් සන්ධිස්ථාන රැසක් සනිටුහන් විය. නව තානාපතිවරයෙකු පත්වන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හවෙල් (Jayne Howell) වැඩබලන තානාපති ලෙස කටයුතු කරනු ඇත.
ඇයගේ පාලන කාලය තුළ සිදු වූ කැපී පෙනෙන කාර්යයන් කිහිපයක් පහත දැක්වේ:
සිය ධුරයෙන් නික්මයාම පිළිබඳව අදහස් දක්වමින් ජුලී චන්ග් මෙසේ පැවසුවාය:
“ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතකටම මම ආදරය කළා. පළමු දිනයේ සිටම මගේ අවධානය යොමු වූයේ ඇමරිකානු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමටත්, අපගේ ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමටත් සහ ප්රජාතන්ත්රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීමටත්ය. නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් වෙනුවෙන් අප එක්ව ශක්තිමත් සබඳතාවක් ගොඩනගා තිබෙනවා.”
පසුගියදා චන්ග් මුණගැසුණු ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිය ස්තූතිය මෙසේ පළ කළේය:
“2022 සිට 2026 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා – ඇමරිකානු සබඳතා ශක්තිමත් කිරීමට ඇය දැක්වූ නොපසුබට උත්සාහය මම අගය කරනවා. විශේෂයෙන්ම ‘දිත්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ඇමරිකානු බලධාරීන් හරහා ඉතා ඉක්මනින් සහනාධාර සම්බන්ධීකරණය කිරීම පිළිබඳව විශේෂ ස්තූතියක් පිරිනමන අතර, ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුභාශිංසන පිරිනමනවා.”
ජුලී චන්ග්ගේ සේවා කාලය තුළ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලකට සංක්‍රමණය වූ අතර, එය දෙරට අතර පවතින දිගුකාලීන මිතුදමේ සංකේතයක් ලෙස සැලකේ.