
දිත්වා සුළි කුණාටුවේ බලපෑම් නිසා පාඩු සිදුවූ කුඩා පරිමාණ වී, එළවළු ගොවීන්ට සහ ධීවර ප්‍රජාවන්ට සහාය දැක්වීම සඳහා රජය සමඟ කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) නිවේදනය කළේ ය.

දිත්වා සුළි කුණාටුවේ බලපෑම් නිසා පාඩු සිදුවූ කුඩා පරිමාණ වී, එළවළු ගොවීන්ට සහ ධීවර ප්‍රජාවන්ට සහාය දැක්වීම සඳහා රජය සමඟ කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) නිවේදනය කළේ ය.
ඒ අනුව සිදුවූ පාඩුව ශ්‍රී ලංකාවේ භෝග, පශු සම්පත්, සාගර ධීවර කර්මාන්තය සහ ජලජීවී වගාව මත තක්සේරු කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.
FAO නියෝජිත අදහස් : “මෙකී ප්‍රතිසාධන ආධාර සැබෑවටම බලපෑමට ලක් වූ පුද්ගලයින් වෙත යොමු වන බව සහතික කිරීම සඳහා අපි විසින් රජය සමඟ එක්ව සමීපව, සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් ව සිටින්නෙමු,” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.
“ජාත්‍යන්තර ආපදා ප්රඥප්තියෙන් (IDC) ලබාගත් චන්ද්‍රිකා දත්ත සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ CROPIX වේදිකාවෙන් ලබාගත් වී, එළවළු සහ වෙනත් ක්ෂේත්‍ර බෝග (OFCs) පිළිබඳ දෙසතියකට වරක් ලැබෙන වගා දත්ත FAO මේ සඳහා භාවිතා කරයි.”
“මේ අනුව සුළි කුණාටුවෙන් පසු, සිදු වූ බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක හා සාක්ෂි මත පදනම් වූ තක්සේරුවක් ලබා ගැනීම සඳහා මෙම භූ-අවකාශීය දත්ත සමූහය ඉතා වැදගත් විය,” යනුවෙන් නිවේදනයේ සඳහන් විය.
ඒ අනුව FAO නියෝජිත ශරන් කුරුණෑගල, අනුරාධපුරය, පුත්තලම සහ හලාවත යන ප්‍රදේශවල බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත ගොස් සුවදුක් විමසා බැලීමක් ද සිදු කළේ ය.
සුළි කුණාටුව නිසා හානියට පත් වූ ඉඩම්වලින් 25% – 30%ක් පමණ පොහොර හා බීජ ලැබුණහොත්, මෙම කන්නයේ යළි වගා කළ හැකි බවට බොහෝ වී ගොවීන් පැවසූ බව ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව බෝට්ටු, ආම්පන්න සහ යටිතල පහසුකම් නියමිත වේලාවට ප්‍රතිසංස්කරණය කළ හැකි නම්, ධීවර ප්‍රජාවන් ද යළි නැගී සිටීමට අධිෂ්ඨාන කරන බව ඔහු පැවසුවේ ය.
FAO සහාය : “කුඩා පරිමාණ වී සහ එළවළු ගොවීන්ට සහ ධීවර ප්‍රජාවන්ට සහය දැක්වීම සඳහා රජය සමඟ එක්ව සකස් කරන ලද ප්‍රතිසාධන යෝජනා මාලාවක් දැනටමත් ශ්‍රී ලංකාවේ FAO විසින් සකස් කර ඇත.”
“ශ්‍රී ලංකාවේ ගොවීන් සහ ධීවරයන් තම දරා ගැනීමේ හැකියාව නැවත නැවතත් ඔප්පු කර ඇත. මෙම තීරණාත්මක මොහොතේදී සම්බන්ධීකරණ සහ කාලෝචිත සහයෝගයක් ලැබුණහොත්, ඔවුන් සුවය ලබනු ඇත. ඔවුන්ගේ ජීවනෝපාය නැවත ගොඩනඟා ගනු ඇත. ජාතියේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමේ ඔවුන්ගේ අත්‍යවශ්‍ය කාර්යභාරය අඛණ්ඩව ඉටු කරනු ඇත,” යනුවෙන් FAO නියෝජිතවරයා සඳහන් කළේ ය.
ඒ අනුව ගොවීන්ගේ හා ධීවරයන්ගේ ජීවනෝපාය සහ වත්කම්වලට සිදු වූ හානි තක්සේරු කර ගැනීම සඳහා ගොවීන් සහ ධීවරයන් 5,000කට ආසන්න පිරිසක් FAO වෙත දැනටමත් සෘජුවම ළඟා වෙයි.