
සුළි කුණාටුව ආශ්රිත විපත් හේතුවෙන් ආදායමට සෘජුවම බලපෑම් එල්ල වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා, බලපත්‍රලාභී සියලුම බැංකුවලට සහන මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) උපදෙස් දී ඇත.

සුළි කුණාටුව ආශ්රිත විපත් හේතුවෙන් ආදායමට සෘජුවම බලපෑම් එල්ල වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා, බලපත්‍රලාභී සියලුම බැංකුවලට සහන මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) උපදෙස් දී ඇත.
මෙම උපදෙස්, දෙසැම්බර් 5වන දින නිකුත් කරන ලද 2025 අංක 04 දරණ චක්‍රලේඛය මඟින් නිකුත් කර ඇත.
එය ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනාවලට අනුකූලව, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට හානියක් නොවන පරිදි ණය ගැතියන්ට සහාය වීම අරමුණු කරයි.
CBSL දත්ත අනුව, මෙම වසරේ මුල් මාස නවය තුළ පුද්ගලික අංශයට ණය සැපයීම රුපියල් ට්‍රිලියන 1.36කින් ඉහළ ගොස් ඇති අතර එය 22.1%ක වර්ධනයකි.
විශේෂයෙන්ම, පසුගිය මාස හතර තුළ (ජුනි සිට සැප්තැම්බර් දක්වා) පුද්ගලික අංශයේ ණය ගැනීම්වල මාසික සාමාන්‍යය, රුපියල් බිලියන 200 ඉක්මවී තිබේ.
කෙසේ වෙතත්, පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට නව ණය පහසුකම් ලබා දීමට බැංකු බැඳී සිටී.
මෙම ණය දීමට පෙර ආපසු ගෙවීමේ හැකියාව බැංකුව විසින් තක්සේරු කරනු ලැබේ.
එසේම නව ණය සඳහා අමතර සහන කාලයක් ලැබේ. මෙම නව ණය ගෙවීම් ආරම්භ වන්නේ පැරණි ණය අත්හිටුවූ කාලය අවසන් වී, ඊට පසු අවම වශයෙන් තවත් මාස තුනකට පසුවය.
මෙහිදී, වසර දෙකක් දක්වා වන නව ණය සඳහා උපරිම පොලී අනුපාතය 9%කට හෝ ඊට වඩා අඩු ගිවිසුම්ගත පොලියකට සීමා කර ඇත.
තව ද, වසර දෙකකට පසු දිගු කාලීන ණයවල පොලිය තීරණය වන්නේ බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය හා සබැඳි අනුපාතිකයකට වේ.
කෙසේ වෙතත් 2026 ජනවාරි 31 දක්වා, බැංකු මඟින් චෙක්පත් අගරු වීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීම සඳහා වන ගාස්තු, ණය ප්‍රතිවුහගත කිරීමේ/ ප්‍රති ලේඛනගත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලිය අයකිරීම යන සියලුම ගාස්තු අත්හිටුවිය යුතුය.
එවැනි ගාස්තු ස්වයංක්‍රීයව ජනනය වන අවස්ථාවලදී, බැංකු විසින් ව්‍යාපාරික දින තුනක් ඇතුළත අදාළ ගිණුම්වලට එම මුදල් ආපසු ගෙවිය යුතුය.
තව දුරටත්, CBSL හි උපදෙස් අනුව, බැංකු විසින්: