ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ආරක්ෂක මූලස්ථානයේ දී ලංකා වාණිජ මණ්ඩලය (The Ceylon Chamber of Commerce) සමඟ පැවති හමුවකදී ය.
එහි දී ජනාධිපතිවරයා වත්මන් ජාතික තත්ත්වය සහ ගලවා ගැනීමේ හා සහන වැඩසටහන් පිළිබඳව පෞද්ගලික අංශයේ නියෝජිතයන් දැනුවත් කළේය.
තව ද, ව්‍යාපාරික අංශයට සහාය දිය හැකි ක්ෂේත්‍ර පෙන්වා දුන් ජනාධිපතිවරයා, කියා සිටියේ ප්‍රතිසාධන කටයුතු හා ප්‍රජා සහාය වේගවත් කිරීමට රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාව අත්‍යාවශ්‍ය බවයි.
මෙම හමුවේදී ජනාධිපතිවරයා, කර්මාන්ත මුහුණ දෙන අභියෝග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේ ය.
එහි දී, කාර්මික කටයුතු පවත්වා ගැනීමට සහ ජාතික ආර්ථිකයට පසුබෑම් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය හදිසි පියවර පිළිබඳව සහභාගිවන්නන්ගෙන් විමසා බැලීම ද සිදු කරන ලදී.
තවද, අයහපත් කාලගුණය හේතුවෙන් සියලුම අංශවලට බාධා එල්ල වෙමින් පැවතීම නිසා ව්‍යාපාරික නායකයෝ සංචාරක කර්මාන්තය, ගුවන් තොටුපළ මෙහෙයුම් සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති වූ ගැටලු ද ඉස්මතු කළහ.
තවදුරටත්, විදුලිය සහ පානීය ජල සැපයුම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම, මහා මාර්ග හා පාලම් වැනි යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම ආදී පශ්චාත්-ව්‍යසන ප්‍රමුඛතා වෙත ද සාකච්ඡාව යොමු විය.
එසේම ආර්ථික ස්ථාවරත්වය සහ මහජන සුභසාධනය සුරැකීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයට ආරාධනා කරමින්, කඩිනම් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සඳහා රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට සහතික විය.
මෙම හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක ලේකම් ගුවන් උප මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තූය්‍යකොන්ත, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ආරක්ෂක සේවාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර, එහි සාමාජිකයින් සහ මෝහන් පණ්ඩිතගේ, නේතන් සිවගනනාදන්, සුපුන් වීරසිංහ, අශෝක හෙට්ටිගොඩ, යෝහාන් ලෝරන්ස්, එම්. ශාන්තිකූමාර්, හසිත ප්‍රේමරත්න ඇතුළු තවත් බොහෝ ව්‍යාපාරික නායකයින් සහභාගී වූහ.