
2026 අයවැයෙන් වෙන් කරන ලද ජාතික යටිතල පහසුකම් සඳහා වන ප්‍රතිපාදන උපයෝගී කරගෙන, බස්නාහිර පළාතෙන් බැහැර සංචාරක සංවර්ධනය වේගවත් කරන ලෙස, සංචාරක අමාත්‍ය විජිත් හේරත් හෝටල් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.

2026 අයවැයෙන් වෙන් කරන ලද ජාතික යටිතල පහසුකම් සඳහා වන ප්‍රතිපාදන උපයෝගී කරගෙන, බස්නාහිර පළාතෙන් බැහැර සංචාරක සංවර්ධනය වේගවත් කරන ලෙස, සංචාරක අමාත්‍ය විජිත් හේරත් හෝටල් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.
ඔහු මෙලෙසින් අදහස් දැක්වූයේ, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ (THASL) වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ දැනට හෝටල් කාමර 59,000 ක් පවතින අතර, 2025 අවසන් වන විට නව තරු පහේ කාමර 1,300 ක් ඇතුළුව තවත් කාමර 3,000 ක් පමණ එකතු වීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, හෝටල් නවාතැන් පහසුකම් බෙදී යාම ඉතා අසමතුලිත බවත්, බස්නාහිර පළාතේ පමණක් එක් වර්ග කිලෝමීටරයක් තුළ හෝටල් කාමර 11,000ක් සංකේන්ද්‍රණය වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
තව ද, අනුරාධපුර, බණ්ඩාරවෙල සහ යාපනය වැනි ප්‍රධාන ගමනාන්තවල ගුණාත්මක නවාතැන් පහසුකම් අතිශයින් සීමා වී ඇති බැවින්, එම අවශ්‍යතාව සපුරාලීමට උත්සාහයක් ගන්නා ලෙස අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එහි දී කලාපීය ව්‍යාප්තියට පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් කුච්චවේලි, ත්‍රිකුණාමලය, බෙන්තොට, කල්පිටිය සහ සීගිරිය වැනි ප්‍රදේශවල ඉඩම් කොටස් නිකුත් කර ඇති බව ඔහු ආයෝජකයින්ට දැනුම් දී ඇත.
එම ස්ථාන ලබා ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන මෙන් අමාත්‍යවරයා හෝටල් සංවර්ධකයින් සහ සංචාරක සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටියේ ය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, නව සංචාරක ස්ථාන හඳුනා ගනිමින් ඒ වටා පහසුකම් සංවර්ධනය කරන බවයි.
ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යාපනයේ ව්‍යාපෘති කිහිපයක් නිවේදනය කර ඇති බැවින්, ඉන් පසුව නව නවාතැන් ආයෝජන සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සදහන් කළේ ය.
එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) සීමිත ධාරිතාවය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීමේ තර්ජනයක් පැවති කාර්යබහුල සමයේදී, තාවකාලික මණ්ඩපයක් සඳහා අරමුදල් සපයා තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ හෝටල් හිමියන් කළ මැදිහත්වීම අමාත්‍යවරයා අගය කළේ ය.
තව ද, දිගු කලක් තිස්සේ පැවති ධාරිතා සීමාවන්ට සහනයක් ලබා දෙමින්, BIA පුළුල් කිරීමේ දෙවන අදියරේ කටයුතු, 2026 මාර්තු මස අවසානය වන විට ආරම්භ කරන බවට ජයිකා (JICA) ආයතනය සහතික වී ඇති බවද අමාත්‍යවරයා තහවුරු කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමකරණ ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමෙන් පසු, 2026 පළමු කාර්තුව අවසානය වන විට එය ආරම්භ කිරීමට ඉලක්ක කර ඇති බවත් ඔහු සදහන් කළේ ය.
තවදුරටත් අදහස් දැක්වූ එතුමා පැවසුවේ, රටේ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් මේ වසර අවසන් වන විට මෙතෙක් වාර්තා කළ ඉහළම සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන මිලියන 2.4 ක් වාර්තා කරනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බව යි.
කෙසේ වෙතත්, සංචාරකයන් පැමිණීමේ ප්‍රමාණය වැඩි වුවද ආදායම සමානුපාතිකව වැඩි නොවීමට විනිමය අනුපාතිකයේ සහ උද්ධමන අනුපාතිකයේ උච්චාවචනය බලපා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
තව ද, වැඩිම වියදම් කරන සංචාරකයින් පැමිණෙන යුරෝපීය රටවල් හයක් ඉහළම රටවල් දහය අතර සිටින බව ඔහු සංඛ්‍යාලේඛන මගින් තහවුරු කළේය.
එම රටවල් නම්,