
ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් ලියාපදිංචි ආයෝජන උපදේශකයෙකු හෝ බලපත්‍රලත් ආයතනයක් නොවී අන්තර්ජාලය හරහා ආයෝජන නිර්දේශ කරන පුද්ගලයින්ට අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් ලියාපදිංචි ආයෝජන උපදේශකයෙකු හෝ බලපත්‍රලත් ආයතනයක් නොවී අන්තර්ජාලය හරහා ආයෝජන නිර්දේශ කරන පුද්ගලයින්ට අනතුරු අඟවා ඇත.
ඒ අනුව SEC මගින්,
ආයෝජකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා මෙම නවතම ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව SEC තවදුරටත් සදහන් කරයි.
මෙම ජාවාරම් පිලිබද නොදැනුවත් ආයෝජකයින්, අනවසර කොටස් යෝජනා සහ ආයෝජන උපදෙස් බෙදාහරින, සමාජ මාධ්‍යවල සිටින වංචනික උපදේශකයන්ගේ උගුල්වලට හසු වේ.
එබැවින් SMS, WhatsApp, Facebook, YouTube සහ වෙනත් මාධ්‍ය ජාලා හරහා එවනු ලැබෙන අනවසර උපදෙස් මත විශ්වාසය තැබීමෙන් වළකින ලෙස SEC විසින් පැහැදිලිවම අනතුරු අඟවා ඇත.
මන්දයත්, විටෙක ඒවා නොමඟ යවන සුළු හෝ හසුරුවන සුළු විය හැකි අතර, තවත් විටෙක වෙළඳපොළ හැසිරවීමක් ද විය හැකි බැවිනි.
මෙම ප්‍රවර්ධකයින් බොහෝ විට මිනිසුන්ගේ මූල්‍ය අසරණභාවය, නියාමන අවබෝධය නොමැතිකම සහ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ව්‍යාජ විශ්වාසනීය පෙනුම උපයෝගී කරගනිමින්, ඔවුන් අධි-අවදානම් සහිත හෝ සම්පූර්ණයෙන්ම වංචනික යෝජනා ක්‍රමවලට බඳවා ගනී.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ බොහෝ දෙනෙකුට මූල්‍යමය පාඩුවක් පමණක් නොව, නීත්‍යානුකූල ප්‍රාග්ධන වෙළඳපොළවල් කෙරෙහි තබා ඇති විශ්වාසයද පුළුල් ලෙස ඛාදනය වීමයි.
මේ අතර, මහ බැංකුව නව අන්තර්ජාල පිරමීඩ යෝජනා ක්‍රමයක් වන “SGO/sgomine.com” පිළිබඳව මහජනතාවට අනතුරු අඟවා ඇත.
මෙහිදී මහ බැංකුව විසින් සිදු කළ පරීක්ෂණවලින් පසුව එම ආයතනය, තහනම් කළ යෝජනා ක්රමයක නිරත වී ඇති බවත්, එය පවත්වාගෙන ගොස් ඇති බවත්, ප්‍රවර්ධනය කර ඇති බවත් තහවුරු කරගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ, බැංකුකරණ පනත යටතේ පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කර ඇති අතර, එවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම පමණක් නොව, ඒවා ප්‍රවර්ධනය කිරීම හෝ ඒවාට මුදල් සැපයීම ද අපරාධයකි.
එසේ වුවද, නීත්‍යානුකූල ආයෝජන මධ්‍යස්ථාන ලෙස වෙස්වලාගෙන, පිරමීඩ (Pyramid) හෝ පොන්සි (Ponzi) යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක වන ආයතන පිළිබඳව මහ බැංකුවට නැවත නැවතත් මහජනතාවට අනතුරු ඇඟවීමට සිදුවී ඇත.
මෙම යෝජනා ක්‍රම බොහෝ විට සැබෑ ව්‍යාපාර ක්‍රියාකාරකම්වලට වඩා කොටස්, ගුප්තකේතන මුදල් (cryptocurrencies) හෝ වෙනත් ක්‍රමවේද හරහා “වෙළඳාම් කිරීම” මගින් ඉක්මන්, ඉහළ ප්රතිලාභ පොරොන්දු වෙමින් මිනිසුන් පොළඹවා ගනී.
මේ හේතුවෙන්, ජනතාවගේ දැනුම්වත්භාවය පිණිස, තහනම් කළ යෝජනා ක්‍රම බෙදා හරින සමාගම් 22ක් මහ බැංකුව විසින් නම් කර තිබේ.