
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩලය තම අනුමතිය ලබා දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩලය තම අනුමතිය ලබා දී ඇත.
ඒ අනුව මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි පිළිබඳ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.
එහි අරමුණු :
මොකක්ද මේ PDMO? : 2024 ජනවාරි මාසයේදී මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (Public Debt Management Office – PDMO) ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ණය කළමනාකරණ පනත හරහා ඒවා විධිමත් ලෙස ක්‍රියාත්මක විය.
ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව, බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාරය වෙත පැවරී තිබූ සමහර කාර්යභාරයන් PDMO විසින් ආවරණය කරනු ඇත.
PDMO පිහිටුවීමේ අරමුණු :
මෙම ඉලක්ක අතරට 2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව මධ්‍යම රජයේ ණය 95%ට වඩා අඩු කිරීම සහ දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ට වඩා අඩු මට්ටමක තබා ගැනීම ද ඇතුළත් වේ.
“රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සවිබල ගැන්වීම සඳහා ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අනුමැතිය ලබා දී තිබෙන්නේ” යනුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ය.
PDMOහි වගකීම් :