
ජෝන් කීල්ස් සමාගමට බහුතර කොටස් හිමි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් ශ්‍රී ලංකාවේ HSBC බැංකුවේ පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපාරය (retail banking business) මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කර ඇත.
ජෝන් කීල්ස් සමාගමට බහුතර කොටස් හිමි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් ශ්‍රී ලංකාවේ HSBC බැංකුවේ පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපාරය (retail banking business) මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කර ඇත.
ඒ අනුව මෙම මිලදී ගැනීමේ වටිනාකම රුපියල් බිලියන 18ක් වන අතර, මේ සදහා අදාළ වන බදු ඇත්නම් ඒවා ද ඊට ඇතුළත් වේ.
යෝජිත අත්පත් කර ගැනීම තුළින් HSBC ශ්‍රී ලංකා හි පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපාරය ආවරණය කෙරෙන අතර, එයට බැංකුකරණ පාරිභෝගිකයන් (premium banking customers), ක්‍රෙඩිට් කාඩ්පත්, සිල්ලර ණය (retail loans) සහ ගිණුම් ඇතුළු ආසන්න වශයෙන් 200,000ක පමණ ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් අයත් වේ.
මෙම ගනුදෙනුව 2025 සැප්තැම්බර් 23 වන දින NTB හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ බවත්, සියලු නියාමන අනුපාත පවත්වා ගනිමින්, අභ්‍යන්තරව ජනනය කරන ලද අරමුදල් හරහා මෙම මිලදී ගැනීම සිදු කරන බවත් NTB විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනිවාර්ය නියාමන අනුමැතියට සහ “විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමේ සඳහන් අනෙකුත් පූර්ව කොන්දේසි සපුරාලීමට” යටත්ව, මෙම ගනුදෙනුව 2026 වසරේ පළමු භාගය තුළදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව බැංකුව තවදුරටත් පවසයි.
එපමණක් නොව මෙම ගනුදෙනුවට දැනට HSBC ශ්‍රී ලංකා හි පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපාරයට සහාය වන කාර්ය මණ්ඩලය සඳහා රැකියා අවස්ථා ලබාදීම ද ඇතුළත් වන අතර, ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොර සේවාවක් සහතික කිරීම මෙයින් අපේක්ෂා කරන බව අදාළ නිළධාරීහු පැවසූ හ.
HSBC හි ශ්‍රී ලංකාවේ ආයතනික හා ආයතනික බැංකුකරණ ව්‍යාපාරයට (Corporate and Institutional Banking business) මෙම තීරණයෙන් බලපෑමක් නොමැති බවත්, “එය බැංකුවේ ජාත්‍යන්තර ආයතනික සේවාදායකයින්ට සහ ගෝලීය ජාලයට ඇති වැදගත්කම හේතුවෙන්” මෙලෙස බලපෑමක් නොවන බව HSBC ශ්‍රී ලංකා සදහන් කරයි.