
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව මීට පෙර හිටපු ජනපතිවරුන්ගේ පවුලේ සාමාජිකයින් හා සමීපතමයින් විමර්ශන කටයුතු සදහා අත්අඩංගුවට ගෙන තිබුණ ද, ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ අත්අඩංගුවට ගත් පළමු හිටපු ජනාධිපතිවරයා වීම විශේෂත්වයකි.
අත්අඩංගුවට ගැනීමට හේතුව? :
මෙම පරීක්ෂණයට අදාළ වන්නේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ වුල්වරැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා 2023 සැප්තැම්බර් මාසයේදී ලන්ඩනයට සිදු කළ සංචාරයක් වන අතර එම සංචාරයට අදාළ ගමන් හා ආරක්ෂක වියදම් සඳහා රජයේ මුදල් භාවිත කර ඇතැයි මෙම විමර්ශනය දියත් වේ.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුණි.
හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, තම බිරිඳගේ වියදම් ඇය විසින්ම දරාගත් බවත්, කිසිදු පොදු මුදලක් අවභාවිත නොකළ බවත් අවධාරණය කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජුනි 24 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කර ඇති අතර, ඔහුගේ හිටපු පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
වර්තමාන තත්වය : මෙම පසුබිම යටතේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (22) පෙරවරු 9ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව, වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුණි.
ඒ අනුව අත්අඩංගුවට පත් හිටපු ජනාධිපතිවරයා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියට පැනවීමට නියමිත ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පැවති සමයේදී ඔහුගේ නායකත්වය මෙන්ම දිවයින යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු ප්‍රශංසාවට ලක් වූ අතර අද පෙරවරුවේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් හා ඔහුගේ සමීපතමයින් රැදී සිටිනු දැකගත හැකි විය.