ඒ ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික හර්ෂ අබේවික්‍රම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මිල ගණන් : ඒ අනුව මෙරට තුළ රැදී සිටීමට බලාපොරොත්තු වන කාලය අනුව රියදුරු බලපත්‍රයන්හි මිල ගණන් පහත පරිදි වෙනස් වේ.
මාසයක් – රු. 2,000
මාස 2ක් – රු. 4,000
මාස 3ක් – රු. 6,000
මාස 5ක් – රු. 10,000
“පළමු රියදුරු බලපත්‍රය ඉන්දියානු පුරවැසියෙකුට 8 මිනිත්තුකින් නිකුත් වුණා. දෙවැනි එකට 7 මිනිත්තු ගියා. අපගේ ඉලක්කය විනාඩි 5ක් තුළ අවසර පත්‍ර නිකුත් කිරීමයි,” යැයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කර සිටියේ ය.
විද්‍යුත් තැපෑල මගින් මෙරටට පැමිණෙන සංචාරකයන් හට මෙම කාර්යාලය වෙත තම අයදුම්පත් යොමු කළ හැකි අතර, එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාලය තවදුරටත් අවම කර ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.