
ඉතිහාසයේ ප්‍රථම වරට වාමාංශික පක්ෂයකට කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර දෙමින් එහි නව පුරපතිනය ලෙස තේරී පත් වීමට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් අද(16) සමත්විය.

ඉතිහාසයේ ප්‍රථම වරට වාමාංශික පක්ෂයකට කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර දෙමින් එහි නව පුරපතිනය ලෙස තේරී පත් වීමට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් අද(16) සමත්විය.
ඒ,කොළඹ මහ නගර සභාවේ නව පුරපති තෝරා ගැනීම සඳහා පැවති ඡන්දයේ දී බහුතර මන්ත්‍රි කැමැත්ත දිනා ගනිමිනි.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොළඹ නගර සභා පළමු සභා වාරයේදී පැවැත්වූ රහස් ඡන්දයෙන් ඇය ඡන්ද 61 ක් හිමි කර ගත්තාය.
රහස් ඡන්දය: කොළඹ නගර සභාව සඳහා තරග කළ කිසිදු පක්ෂයකට එහි බහුතරය දිනා ගැනීමට නොහැකි වූ අතර එැබවින් නගරාධිපති තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දර තීරණය කළාය.
ඒ අනුව ජාතික ජන බල වේගයේ අපෙක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර්ගේ නම ඉදිරිපත් වූ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුයේ රීසා සරූක් ය.
මෙහිදි රීසා සරූක් හට ඡන්ද 54 ක් හිමිවී තිබුණි.
ඡන්ද 117 න් ප්‍රකාශ වී තිබූ වලංගු ඡන්ද සංඛ්‍යාව 115 ක් වන අතර ප්‍රකාශිත ඡන්ද අතරින් දෙකක් ප්‍රතික්ෂේප වී තිබිණි.
එසේම නියෝජ්‍ය නගරාධිපති ලෙස බහුතර එකඟතාවය මත ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර තේරී පත් විය
බහුතරය නැහැ: 2025 පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට කොළඹ මහ නගර සභාවේ මුළු ආසන 117 න් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකි වූයේ නැත.
ඒ අනුව ජාතික ජන බලවේගය එහි ආසන 48 ක් දිනා ගත් අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන 29 කි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට ආසන 13 ක්ද, පොදු ජන එක්සත් පෙරමුණට ආසන 5 ක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 4 ක්ද සර්ව ජන බලයට ආසන 2 ක් ද හිමි වු අතර ඉතිරි ආසන 16 මැතිවරණයට ඉදිරිපත් වු ස්වාධින කණ්ඩායම් අතර බෙදී ගියේය.
දෙවැනි නගරාධිපතිනිය: කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත් වු දෙවැනි නගරාධිපතිනිය වන්නේ ව්‍රායි කැලී බල්තසාර් වන අතර මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක කොළඹ පුරපතිනිය ලෙස තේරී පත්වූවාය.
1985 වර්ෂයේ උපත ලබා ඇති ව්‍රායි බල්තසාර් සිය පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත්තේ කොළඹ මෙතෝදිස්ත විදුහලෙන් වන අතර ඇය මොස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරීනියක වන අතර කාන්තාව හා ස්ත්‍රී පුරුෂ සමජභාවය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක් බවද බීබීසී සිංහල පුවත් සේවයේ සඳහන් වේ.
එමෙන්ම ඇය දැනට කාන්තාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ ව්ශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින බවද එම එම පුවත් සේවය සඳහන් කරයි.
ඇය ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කම්කරු අයීතින්, නගර සංවර්ධනය වැනි ක්ෂේත්රවල කටයුතු කළ සමාජ ක්‍රියාකාරිනියක්ද වන අතර 2021 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයෙන් ක්‍රියාකාරී දේශපානලයට පිවිස බවද එහි සඳහන්ව ඇත.
මීට පෙර ඇය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලීමේන්තු මැතිවරණය සඳහා එක් වුවද එය ජයග්‍රහණය කිරීමට අපොහහොසත් විය.
මෙවර ඇය තිඹිරිගස්යාය කොට්ඨාසය නියෝජනය කරමින් කොළඹ පුරපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ අතර ඉන් ඡන්ද 2094 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළාය.
කොළඹ නගර සභාව: 1856 දී පිහිටුවන ලද කොළඹ මහ නගර සභාව යනු මෙරට ඇති විශාලතම පළාත් පාලන ආයතනය වන අතරම එය දකුණු ආසියාවේ පැරණිතම පාරිපාලන ඒකකයකි.
නගරාධිපතිවරයෙක් හා කවුන්සියලක් හරහා මෙහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර පුරපති හා සාමාජිකයන් තෝරා ගනු ලබන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙනි.
කොළඹ මහ නගර සභාව යටතේ විවිධ වූ දෙපාර්තමේන්තු 15ක් ක්‍රියාත්මක වන අතර නගරයේ නීති සම්පාදනය, නියෝග අනපනත් සම්මත කිරීම වැනි සියලු පරිපාලන කටයුතු සිදු කෙරෙනුයේ මේවා හරහාය.
ඊට අමතරව මහජන සෞඛ්‍ය, රෝග නිවාරණය, ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය, මාර්ග නඩත්තු කිරීම, ඉඩම් හා පරිසර සංවර්ධනය, වීදි ආලෝකකරණය, ජලය හා ජලාපවහනය, පශු වෛද්‍ය කටයුතු වැනි කාර්යයන් ද ඉටු වන්නේ මහ නගර සභාව හරහාය.
මීට අමතරව විවිධ විනෝදාස්වාද ක්‍රීඩා හා ක්‍රියාකාරකම්, පුස්තකාල සේවා සැපයීම වැනි සේවාවන් ද මේ හරහා ඉටු වේ.
මෙරට වැඩිම අදායමක් උපයන පළාත් පාලන ආයතනය කොළඹ මහ නගර සභාව වන අතර එහි ප්‍රධාන අදායම් මාර්ග අතරට විවිධ බදු වර්ග, නොයෙක් අංශයන් ගෙන් ගාස්තු අය කිරීම, හා දඩ මුදල් අයත් ය.