
ජපානයේ මේ දිනවල උද්ගතව ඇති සහල් අර්බුදය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ එරට කෘෂිකර්ම අමාත්‍ය ටාකූ එටෝ (Taku Eto) ඉල්ලා අස්වී තිබේ.
ජපානයේ මේ දිනවල උද්ගතව ඇති සහල් අර්බුදය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ එරට කෘෂිකර්ම අමාත්‍ය ටාකූ එටෝ (Taku Eto) ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීම ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) වෙත ඊයේ (21) දින ලබා දී ඇති අතර අග්‍රාමාත්‍යවරයා එය පිිළිගෙන ඇත.
නොමිලේ සහල්: පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය ඉරිදා පවසා ඇත්තේ තමන් සතුව විකිණීමට තරම් සහල් පවතින බවයි.
ඒවා සියල්ල තමන්ට ආධාරකරුවන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබුණු සහල් තොග බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මේ නිසා තමන්ට සහල් මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවද එහදී ඔහු සඳහන් කර ඇත.
මේ දිනවල ජපානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ නිසා ජපාන වැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ සිටියි.
විරෝධය: ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජපාන වැසියන් දැඩි අප්‍රසාදය පල කරමින් සිය විරෝධය පල කළහ.
මේ අතර විපක්ෂය ද පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය රටේ පවතින වර්තමාන තත්ත්වයට කිසිදු ලෙසකින් නොගැලපෙන බවයි.
මේ නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු බවට ද විපක්ෂය බල කර සිටියහ.
අස්වීම හා කණගාටුව: ඒ අනුව ජපාන කෘෂිකර්ම අමාත්‍ය ටාකූ එටෝ (Taku Eto) සිය ඉල්ලා අස්වීම අගමැතිවයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු එය පිළිගෙන තිබේ.
අදාළ ඉල්ලා අස්වීම යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් අවස්ථාවට කිසිදු ලෙසකින් හෝ නොගැලපෙන ප්‍රකාශයක් සිදු කළ අතර ඒ පිළිබඳව පසුව දැඩි ලෙස කණගාටු වූ බවයි.
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) ද සඳහන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා ටාකූ එටෝ (Taku Eto) පත් කළ පුද්ගලයා ලෙස තමන් ඔහු ගේ ප්‍රකාශය පිලිබඳව සමාව අයැද සිටින බවයි.
එලෙසම ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උද්ගතව ඇති ව්‍යාකූලත්වය දිගින් දිගටම පැවතුන හොත් එය රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට දැඩි බලපෑමක් විය හැකි බවද අගමැතිවරයා පවසා ඇත.
ජපානයේ සහල් ඇතුළු ධාන්‍ය මිල ගණන් ශීඝ්‍ර වේගයෙන් ඉහළ යමින් පවති.
සහල් මිල පාලනය උදෙසා ජපානය විසින් සිය හදිසි සංචිත වලින් ටොන් 300,000 ක් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබිණි.