තරගකාරී ලංසු හරහා පුනර්ජනනීය විදුලිය අඩු වියදමකින් ලංකාවේ සමාගම් මගින් ලබා ගැනීමට හැකියාව තිබෙද්දී ඉන්දියාවේ අදානි සමාගමෙන් වැඩි මුදලකට මිල දී ගන්නේ ඇයි දැයි තමාට නොවැටහෙන බව Advocata ආයතනයේ සභාපති හා ආර්ථික විද්‍යාඥ මුර්ටාසා ජැෆර්ජී පවසයි.

උදාහරණයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් මේ සතියේදී ලංකාවේ සමාගම්වලින් කැඳවූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර්වලදී විදුලි ඒකකයක් සඳහා ලංවිමට ගෙවීමට වන ගාස්තුව බොහෝ විට ඇමරිකානු ඩොලර් ශත 6ක් පමණ වනු ඇතයි මුර්ටාසා ජැෆර්ජි පවසයි.
පසුගිය දා ඉන්දියාවේ අදානි සමාගම විසින් ලංකාවේ උතුරු පළාතේ ඉදිකිරීමට යන සුළං බලාගාර දෙකක් සඳහා බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට ලංවිම එළඹුණ බව වාර්තා විය. මෙම ගිවිසුමට අනුව Adani Green Energy සමාගමට කිලෝවොට් පැයකට (kWh) ඇමරිකානු ඩොලර් ශත 8.26ක් ගෙවීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් අවසර ලබා දෙන ලදී.
“නොකැඳවූ යෝජනාවක් (unsolicited proposal) මත පදනම් වූ ව්‍යාපෘතියකට ඩොලර් සත 8.3ක් ගෙවන්නේ ඇයි? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට සෑම විටම කියා සිටින්නේ ප්‍රසම්පාදනයේදී තරගකාරී ටෙන්ඩර ක්‍රියාවලියක් අනුගමනය කිරීමටයි. තරගකාරීත්වයක් නැතුව අපි කොහොමද විදුලි වියදම අඩුකරන්නේ?” ජැෆර්ජි ප්‍රශ්න කරයි.