ඉන්දියාවේ Adani Green Energy සමාගම විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදි කිරීමට නියමිත සුළං බලාගාර දෙකක් සඳහා එම සමාගම සමග බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹුණ බව කැබිනට් මණ්ඩල ප්‍රකාශයක් සඳහන් කරයි.

ඉන්දියාවේ Adani Green Energy සමාගම විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදි කිරීමට නියමිත සුළං බලාගාර දෙකක් සඳහා එම සමාගම සමග බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹුණ බව කැබිනට් මණ්ඩල ප්‍රකාශයක් සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් හා අදාළ සමාගම අතර ඇති වූ එකඟතාවයක් අනුව මෙම ගිවිසුමට එළඹි බව එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ඒ අනුව:
පසුබිම: ප්‍රකෝටිපති ඉන්දියානු ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් Adani සමූහයේ පුනර්ජනනීය බලශක්ති ඒකකය වන Adani Green Energy හට ඩොලර් මිලියන 442ක ආයෝජනයක් හරහා මන්නාරම හා පුනරීන්වල මෙගාවොට් 484ක සුළං බලාගාර සංවර්ධනයට අවශ්‍ය අනුමැතිය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ලබා දෙන ලදී.
අදානිගේ මෙම විදුලි ව්‍යාපෘතිය බොහෝ මතභේදයන්ට හේතු විය. එය තරගකාරී ලංසු හරහා නොපැමිණීම සහ ඔවුන් විසින් ඉල්ලා සිටි මූලික මිල ඒකකයකට ඇමරිකානු ඩොලර් ශත 15කටත් වඩා ඉහළ අගයක් ගැනීම එයට මූලික හේතු විය.
අමතරව ශ්‍රී ලංකාවේ විශාලතම වරාය වන කොළඹ වරායේ ඩොලර් මිලියන 700ක පර්යන්ත ව්‍යාපෘතියක් ඉදිකිරීමට ද Adani සමූහය සම්බන්ධ වී ඇත.