
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුම් (Memorandum of Understanding – MoUs) 05කට අත්සන් තැබීම ඊයේ (අප්‍රේල් 24) සිදු විය.
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුම් (Memorandum of Understanding – MoUs) 05කට අත්සන් තැබීම ඊයේ (අප්‍රේල් 24) සිදු විය.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙම ගිවිසුම් අත්සන් කළ අතර එමගින් මෙරට ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ආවරණය වනු ඇත.
ගිවිසුම්වලින් ආවරණය වන ක්ෂේත්‍ර:
අත්සන් කළ ගිවිසුම් 05:
මීට අමතරව මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක වන දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ඉරාන රජයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය සහිතව ඉදි කරන ලද ‘උමා දිය ජනනි’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද ඊයේ දින ජනතා අයිතියට පත් කෙරිණි.
දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වූ අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ද එම අවස්ථාවේ සිදු විය.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 2008 වර්ෂයේදී හිටපු ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙක් මෙරට නිල සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙය වීමයි.
මොකක්ද මේ උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ: උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ (Uma Oya Multipurpose Development Project – UOMDP) ප්‍රධාන අරමුණ වන්නේ මෙරට ගිනිකොනදිග වියළි කලාපයේ ජල හිඟය සමනය කිරීමයි. උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම මෙහිදී සිදු කෙරේ.
මේ හරහා මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 1500කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජලය ඝන මීටර් මිලියන 39ක ප්‍රමාණයක් ලබා දීම ද සිදු වේ.
මිට අමතරව ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව ගිගා වොට් පැය 290ක විදුලි ධාරාවක් ද එක් කිරීමට මෙමගින් හැකි වේ.
උමා ඔය ව්‍යාපෘතිය සඳහා කෙරෙන අනෙකුත් ඉදිකිරීම්:
ඉදිකිරීම් වෙන්නේ කොහොමද?: ඉරානයේ FARAB සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 සිට බලාත්මක වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඉරානයට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා දිගටම මූල්‍ය පහසුකම් සැපයීමට ඔවුන්ට අපහසු විය. එම නිසා FARAB සමාගම සමග ශ්‍රී ලංකා රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මෙරට රජය තීරණය කළේය.
ජනාධිපතිවරයාගේ අදහස්: මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයා ප්රමුඛ රජයට සිය ස්තුතිය පළ කළ අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කරගෙන ඉදිරියට යාම ලංකාවේ අරමුණ බව පැවසීය.
හම්බන්තොටටත් නව වෙනසක්: උමා ඔය වාරි ක්‍රමවේදය මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද සැලසුමක් ඇති බව ප්‍රකාශ කළේය. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් වෙනුවෙන් දැනටමත් අනුමැතිය ලබා දී ඇති බවත් එය හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථික මුහුණුවරක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.