
විදුලිබල ක්ෂේත්රය සම්බන්ධයෙන් ගත්ත සමහර දේශපාලන තීරණ නිසා ලංකාවේ ආර්ථිකයට වුණ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 17ක් විතර වෙන බව ඔයා දන්නව ද?
විදුලිබල ක්ෂේත්රය සම්බන්ධයෙන් ගත්ත සමහර දේශපාලන තීරණ නිසා ලංකාවේ ආර්ථිකයට වුණ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 17ක් විතර වෙන බව ඔයා දන්නව ද?
මෙහෙම කියන්නේ අපි නෙමෙයි, මේ ගැන කිව්වේ බලශක්ති විශේෂඥයෙක් වුණ ආචාර්ය තිලක් සියඹලාපිටිය. ඒ Neon ‘Beyond the Headline’ වැඩසටහනේදී.
හරියටම කිව්වොත් 1993 අවුරුද්දේ ඉඳලා 2020 වෙනකම් කාලයේදී දේශපාලන තීන්දු තීරණ නිසා වුණ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 17ක් කියලා තමයි ඔහුගේ ඇස්තමේන්තුව වුණේ.
ඇයි එහෙම වෙන්නේ?: බලයේ ඉන්න දේශපාලඥයින් දුර දිග නොහිතා ගන්න තීන්දු තීරණ නිසා වගේම ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, ආණ්ඩු මාරු වීම නිසා එන ප්‍රශ්න මේ හැම දෙයක්ම විදුලිබල ක්ෂේත්රයේ මේ පාඩුවට හේතුවෙලා තියෙනවා.
ජපන් මිලක් ගෙවලා චීන භාණ්ඩ ගන්න වුණ හැටි?: ඇත්තටම දේශපාලන තීරණ නිසා කොහොමද මේ තරම් පාඩුවක් වෙන්නේ කියලා බලමු. අපේ වැඩසටහනේදී ආචාර්ය සියඹලාපිටිය කිව්ව කතාවක් මේ. ඒකෙන් ඔයාට පුළුවන් වෙයි කොහොමද මේක වෙන්නේ කියලා තේරුම් ගන්න.
“ගියා මාතරට ගල් අඟුරු බලාගාරය. පටන් ගත්තෙ කොහෙන්ද ත්‍රිකුණාමලයෙන්. රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ගිහිල්ලා ජනාධිපතිව හම්බුණා 1991දී. ජනාධිපති කෙළින්ම ලියුමක් එව්වා මේ බලාගාරය පිළිබඳ කටයුතු වහාම නතර කරන්න. මම විදුලිබල මණ්ඩලයේ සැලසුම් අංශයේ ප්‍රධාන ඉංජිනේරු හැටියට මගේ මේසෙ උඩ තමයි මේ ලිපිය නතර වුණේ.
යන්න කිව්වා නොරොච්චෝලෙට. ඉතින් නොරොච්චෝලේ ගිහින් අපි ඉඩම් බැලුවා. ඔන්න ඉඩමක් තියෙනවා. රජයට අයිති ඉඩමක්. ධීවර පැල්පත් කීපයක් තිබුණා. 1993දී ඒ ගිය ඉඩමේ අවසානේ බලාගාරයක් හදලා නතර වුණේ 2010.
අපි වාද කර කර ඉන්නවා මොකක්ද කරන්නේ කියලා. හැම ආණ්ඩුවක්ම පොරොන්දු දුන්නා ඕක හදන්නේ නෑ කියලා. නමුත් ඊට පස්සෙ අපිට ලැබෙන්න තිබුණ ජපන් තාක්ෂණය අපිට නොලැබී ගියා. චීන තාක්ෂණයෙන් තමයි ඒක හැදුණෙ. ඒ චීන ප්‍රමිතිය අනුව. අවසානයේදී ජපන් මිලක් ගෙවලා අපි චීන භාණ්ඩයක් ගත්තා.”
මේ එක සිදුවීමක් විතරයි. දැන් ඔයාට අදහසක් ඇති දේශපාලඥයෙක් ගන්න එක තීරණයක් නිසා වගේම හරියාකාර සැලැස්මක් නැතුව සැරෙන් සැරේ තීරණ වෙනස් කළාම වෙන බලපෑම මොන වගේ ද කියලා. මේ වගේ වෙලාවක මුදල් අවභාවිතවීමක්වත්, හොරකමක්වත්, වංචාවක්වත් වෙලා නැති වුණාට ලොකු පාඩුවක් සමස්ත ආර්ථිකයටම වෙලා තියෙනවා.
මේ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්න ගියාම ඒ ගැන අධ්‍යයනයක් කරන්න ඕන. ඒකත් විශාල වියදමක් දරන්න වෙන වැඩක්. ඉතින් එහෙම මුදල් යොදවලා අධ්‍යයනයක් කර කර ඉන්න ගමන් ඒ ව්‍යාපෘතිය නතර කළොත් හරි එහෙම නැත්නම් වෙනත් තැනකට ව්‍යාපෘතිය අරන් ගියොත් ඒ ස්ථානය ගැන නැවත අධ්‍යයනය පටන් ගන්න වෙනවා. ඉතින් මේකෙන් ආර්ථිකයට හානි වෙනවා වගේම සම්පත්දායකයන්ගේ කාලය, ශ්‍රමය මේ හැමදේම නාස්ති වෙනවා.
ඒ වගේම ලංකාවේ විදුලිය ලබා දීමේදී 52%ක ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා දෙන්නේ. වියට්නාමය වගේ රටක් ගත්තොත් 50%ක් විතර විදුලිය ලබා දෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන්. ඒත් වියට්නාමයේ විදුලි බිල ලංකාවට සාපේක්ෂව අඩු අගයක් ගන්නවා. මැලේසියාව, දකුණු කොරියාව වගේ රටවල පවා ලංකාවට විදුලි බිල ලංකාවට වඩා අඩු බව ඔයා දන්නව ද?
හේතුව ගල් අඟුරු, ස්වභාවික වායු, පුනර්ජනනීය බලය, න්‍යෂ්ටික බලය කියන මේ හැම එකකම සංකලනයක් විදියට තමයි ඒ රටවල් විදුලි උත්පාදනය සිදු කරන්නේ. ආචාර්ය සියඹලාපිටිය කියන්නේ, එක ප්‍රභවයකට සීමා නොවී ලංකාවේ විදුලි උත්පාදනයත් සිදු කරන්න ඕන කියලා. විකල්ප නැතුව එක දේකට සීමා වෙන්න උත්සහ කළොත් එතනත් වෙන්නේ පාඩුවක් විතරයි.
පුනර්ජනනීය බලශක්තිය කියන්නේ හොඳම විසඳුම ද, ලංවිම ඇතුළෙ ක්‍රියාත්මක වෙනවා කියලා චෝදනා එල්ල වෙන මාෆියා ගැන තත්ත්වය වගේම විදුලිබල ක්ෂේත්රය ගැන ඉතා පැහැදිලි අදහසක් ගන්න සම්පූර්ණ වැඩසටහන නරඹන්න: