
කාමර උෂ්ණත්වයේදී භාවිතා කළ හැකි සුපිරි සන්නායකයක් සොයාගත්තා යැයි කියූ භෞතික විද්‍යාඥයෙකු වන සහකාර මහාචාර්ය රංග ඩයස් විද්‍යාත්මක විෂමාචාරයේ යෙදී ඇතැයි Nature වෙබ් අඩවිය පවසයි.
කාමර උෂ්ණත්වයේදී භාවිතා කළ හැකි සුපිරි සන්නායකයක් (superconductor) සොයාගත්තා යැයි කියූ භෞතික විද්‍යාඥයෙකු වන සහකාර මහාචාර්ය රංග ඩයස් විද්‍යාත්මක විෂමාචාරයේ (scientific misconduct) යෙදී ඇතැයි Nature වෙබ් අඩවිය පවසයි.
ඔහු විසින් දත්ත වැරදි ලෙස භාවිතය, ව්‍යාජව සැකසීම සහ දත්ත කොල්ලකෑම සිදු කර ඇතැයි ද එහි සඳහන් වේ.
චෝදනා 16ක්: නිව්යෝර්ක් හි Rochester විශ්වවිද්‍යාලය විසින් කළ විමර්ශනයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කළේය.
ස්වාධීන විද්‍යාඥ කණ්ඩායමක් විසින් මාස 10ක කාලයක් පුරා සිදු කළ එම විමර්ශන කටයුතු අවසන් වී ඇත්තේ පසුගිය පෙබරවාරි 08 වන දා ය. ඔහුට එරෙහිව චෝදනා 16ක් යටතේ විමර්ශන කටයුතු සිදුව තිබුණි.
Rochester විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු සහකාර මහාචාර්ය රංග ඩයස්ගේ ගිවිසුම 2024-25 අධ්‍යයන වර්ෂයේදී අවසන් වීමට නියමිතව ඇති අතර ඊට පෙර ඔහුව සේවයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාලට උත්සහ ගනිමින් සිටින බව ද Nature වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එක්සත් ජනපදයේ පර්යේෂණ කටයුතු සඳහා අරමුදල් සපයන ජාතික විද්‍යා පදනම (National Science Foundation – NSF) සහකාර මහාචාර්ය රංග ඩයස්ට ඇමරිකානු ඩොලර් 790,000ක මුදලක් 2021 වර්ෂයේදී වෘත්තීය ප්‍රදානයක් (career grant) ලෙස ලබා දී ඇත.
Rochester විශ්වවිද්‍යාලය විසින් Monroe හි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්ව ඇත්තේ සහකාර මහාචාර්ය රංග ඩයස්ට අරමුදල් ලබා දුන් NSF ආයතනය විසින් ඔහුගේ පර්යේෂණය පිළිබඳ විමර්ශනයක් කරන ලෙස නියෝග කළ බවයි.
Nature වෙබ් අඩවිය විසින් මෙම සිද්ධියට අදාළ ඉදිරි පියවර සම්බන්ධයෙන් සහ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු පිළිබඳව NSF ආයතනයෙන් විමසා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.
වැඩිදුර කියවන්න: https://www.nature.com/articles/d41586-024-00976-y?utm_medium=Social&utm_campaign=nature&utm_source=Twitter#Echobox=1712564318
විද්‍යාඥ රංග ඩයස් කියන්නේ කවුද?: රංග ඩයස් නිව්යෝර්ක් හි Rochester විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහ භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්යවරයෙක් ලෙස සේවය කරයි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර සිය ආචාර්ය උපාධිය Washington State University මගින් ලබා ගන්නා ලදී. Harvard විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පශ්චාත් ආචාර්ය උපාධියකින් (post doctoral fellowship) පසු ඔහු Rochester විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී ඇත.
විදුලිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට අමතර ශක්තියක් වැය කිරීමකින් තොරව ගෙන යා හැකි සුපිරි සන්නායක ගුණයක් සහිත පදාර්ථයක් සොයා ගැනීමට ඔහු සමත් වූ බව මාධ්‍ය වාර්තා කළේය. විදුලි හානිවීමකින් තොරව අධිබල විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහාත්, අධිවේගී දුම්රිය හා MRI ස්කෑන් තාක්ෂණය සඳහාත් එම නව සොයා ගැනීම යොදාගැනීමට හැකි බව මාධ්‍ය වාර්තා කළ අතර ඔහු ජාත්‍යන්තරව ද පිළිගැනීමට ලක්ව සිටි භෞතික විද්‍යාඥවරයෙකි.