
Litro Gas මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 14 දෙනා අතර Laugfs Gas සමාගම ද සිටීම බොහෝ දෙනා තුළ මේ වන විට කුකුසක් ඇති කිරීමට සමත් වී ඇත.

Litro Gas මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 14 දෙනා අතර Laugfs Gas සමාගම ද සිටීම බොහෝ දෙනා තුළ මේ වන විට කුකුසක් ඇති කිරීමට සමත් වී ඇත.
Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 14 දෙනා අතර Laugfs Gas සමාගම ද සිටීම බොහෝ දෙනා තුළ මේ වන විට කුකුසක් ඇති කිරීමට සමත් වී ඇත.
එයට හේතුව වන්නේ Laugfs Gas සමාගමට Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීමට අවස්ථාවක් යම් ලෙසකින් ලැබුණෝත් ලංකාව තුළ LP gas සඳහා ඒකාධිකාරයක් ගොඩනැගීමට ඇති අවදානමය.
ලංසු ඉදිරිපත් කිරීමට සුදුසුද?: කෙසේ නමුත් Laugfs Gas සමාගම Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමට සුදුස්සෙක් දැයි ඉදිරියේදී තීරණය කිරීම මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය සහ ඒ සඳහා පත් කර ඇති කමිටු මගින් ඉදිරියේදී තීරණය කරනු ලබනු ඇත.
LP Gas ද්වි අධිකාරය: මේ වන විට LP gas සම්බන්ධයෙන් ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ද්වි අධිකාරයකි (duopoly). එනම් LP Gas වෙළඳ පොළෙන් 80%ක් පමණ හිමි රාජ්‍ය ව්‍යවසායක් වන Litro Gas Lanka Ltd සමාගම සහ W.K.H වෑගපිටිය සභාපතීත්වය දරන, කොළඹ කොටස් වෙළඳ පොළෙහි ලයිස්තුගත සමාගමක් වන Laugfs Gas PLCය. එම සමාගමට LP Gas වෙළඳපලෙහි ඉතිරි 20% හිමිය.
Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීමට කැමැත්ත පළ කර ඇති ආයෝජයකයන් වන්නේ,