කාලීන
Litro Gas විකිණීම LP Gas ඒකාධිකාරයකට පාර කැපීමක් වෙයි ද?
image for Litro Gas විකිණීම LP Gas ඒකාධිකාරයකට පාර කැපීමක් වෙයි ද?

Litro Gas මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 14 දෙනා අතර Laugfs Gas සමාගම ද සිටීම බොහෝ දෙනා තුළ මේ වන විට කුකුසක් ඇති කිරීමට සමත් වී ඇත.

Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 14 දෙනා අතර Laugfs Gas සමාගම ද සිටීම බොහෝ දෙනා තුළ මේ වන විට කුකුසක් ඇති කිරීමට සමත් වී ඇත.

එයට හේතුව වන්නේ Laugfs Gas සමාගමට Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීමට අවස්ථාවක් යම් ලෙසකින් ලැබුණෝත් ලංකාව තුළ LP gas සඳහා ඒකාධිකාරයක් ගොඩනැගීමට ඇති අවදානමය.

ලංසු ඉදිරිපත් කිරීමට සුදුසුද?: කෙසේ නමුත් Laugfs Gas සමාගම Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමට සුදුස්සෙක් දැයි ඉදිරියේදී තීරණය කිරීම මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය සහ ඒ සඳහා පත් කර ඇති කමිටු මගින් ඉදිරියේදී තීරණය කරනු ලබනු ඇත.

LP Gas ද්වි අධිකාරය: මේ වන විට LP gas සම්බන්ධයෙන් ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ද්වි අධිකාරයකි (duopoly). එනම් LP Gas වෙළඳ පොළෙන් 80%ක් පමණ හිමි රාජ්‍ය ව්‍යවසායක් වන Litro Gas Lanka Ltd සමාගම සහ W.K.H වෑගපිටිය සභාපතීත්වය දරන, කොළඹ කොටස් වෙළඳ පොළෙහි ලයිස්තුගත සමාගමක් වන Laugfs Gas PLCය. එම සමාගමට LP Gas වෙළඳපලෙහි ඉතිරි 20% හිමිය.

Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal (Pvt) Ltd මිල දී ගැනීමට කැමැත්ත පළ කර ඇති ආයෝජයකයන් වන්නේ,

  1. Epdesa Pte Ltd, Singapore
  2. Bharat Petroleum Cop. Ltd., India
  3. Ayaz Anonim Sirketi, Republic of Türkiye
  4. SiamGas and Petrochemicals Public Company Limited, Thailand
  5. BGN Int DMCC, UAE
  6. Confidence Petroleum India Limited, India
  7. OQ Trading Limited, UAE
  8. Tristar Group, UAE
  9. Laugfs Gas PLC, Sri Lanka
  10. United Petroleum Holdings, Malaysia
  11. Vitol Asia Pte Ltd., Singapore
  12. Infinity NGC, Sri Lanka
  13. China National Aero Techno, Sri Lanka
  14. Consulting Engineers & Contractors, Sri Lanka