
ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට UPI ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.
ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට UPI (Unified Payment Interface) හෙවත් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය ඔස්සේ සිය ගෙවීම් කටයුතු කිරීමේ ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වාදීමේ කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී 12 වන දා සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ සම්බන්ධ වූ අතර ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සංධිස්ථානයක් වන මෙය දෙරට අතර සබඳතා ශක්තිමත් කෙරෙන අවස්ථාවකි.
UPI යනු කුමක්ද?: මෙය ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර ගනුදෙනු පහසුවෙන් සිදු කිරීමට සහ එම කටයුතු වැඩිදියුණු කිරීමට යොදාගන්නා ඩිජිටල් ක්රමවේදකි. NPCI (National Payments Corporation of India) වෙබ් අඩවියට අනුව මේ තුළින් තනි ජංගම දුරකතන යෙදුමක් (mobile application) හරහා බැංකු ගිණුම් කිහිපයක් බලගැන්විය හැකි අතර වෙළඳ කටයුතුවලදී ගෙවීම් කිරීමේදී මෙය ඉතා වැදගත් වේ.
මෙරටට සංචාරකයන් පැමිණෙන රටවල් අතරින් ඉන්දියාව ඉදිරියෙන්ම සිටින අතර 2024 ජනවාරි මාසයේදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 34,399ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දේ.
තව ද 2023 වර්ෂයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාව පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 302,844කි.
අදාළ වැඩසටහන මගින් සිදුවන්නේ ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට QR කේතය ස්කෑන් කිරීමෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමට පහසුකම් හිමි වීමයි. සංචාරක කර්මාන්තය තුළ මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී වන අක්‍රමිකතා, දූෂණ වෙනුවට මෙය හොඳ විසඳුමක් වන අතර ගෙවීම් කටයුතු වඩාත් ආරක්ෂිතව සහ පහසුවෙන් සිදු කිරීමට මෙම ක්‍රමවේදය හරහා පහසුකම් සැලසේ.
UPI ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේදී ඉන්දියාවේ NPCI (National Payments Corporation of India) ආයතනය විසින් 2016 වර්ෂයේදී සාමාජික බැංකු 21ක් සමග නියමු ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2016 අගෝස්තු 25 වන දා සිට බැංකු විසින් UPI හි සක්‍රීය යෙදුම් (app) Google Play Store වෙත මුදාහැරීමට පටන් ගත්තේය.
UPI ක්‍රමවේදයේ වැදගත්කම?:
ලංකාවට UPI නිසා අත්වන වාසිය: ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට UPI ක්‍රමවේදය හඳුන්වා දීම වැදගත් වේ. තව ද මෙරට ව්‍යාපාරිකයන් 400,000කට පමණ මේ හරහා ප්රතිලාභ හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ දැක්වේ.
වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය: NPCI International Payments Limited සහ LankaPay පුද්ගලික සමාගම එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සමගාමීව වෙළඳ සැල් 10,000ක එම ගෙවීමේ ක්‍රමය ක්‍රියාවට නැංවූ බවයි.
තව ද එම පහසුකම තවදුරටත් පුළුල් කරමින් 2024 මාර්තු මාසය වන විට වෙළඳ සල් සංඛ්‍යාව 65,000 දක්වා ඉහළ නැංවීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් විය.
මෙරට දේශීය බැංකු සහ මූල්‍ය ආයතනය් 20ක් පමණ ඔවුන්ගේ සහය මෙම වැඩසටහන වෙනුවෙන් ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් පවතින ප්‍රදේශවල මෙම සේවාව පුළුල් වශයෙන් ලබා දීමට සැලසුම් කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.