
රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා ඉන්දියාව හා චීනය අතර සීතල සටනක් දියත් වීමට නියමිතය.
රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා ඉන්දියාව හා චීනය අතර සීතල සටනක් දියත් වීමට නියමිතය.
රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා ඉන්දියාව හා චීනය අතර සීතල සටනක් දියත් වීමට නියමිතය.
තෝරාගත් ලංසුකරුවන්: මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ නිවේදනයකට අනුව මෙම කොටස් මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් වන්නේ ඉන්දියානු ධන කුවේර මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමූහයට අයත් ආයතනයක් වන Jio Platforms Ltd හා චීනයේ ග්වන්ඩොන්ග් ප්‍රාන්තය මූලික කරගත් පුද්ගලික කොටස් (private equity) සමාගමක් වන Gortune International Investment Holding ය.
Lyca එළියට? : ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් මිල දී ගැනීමට උනන්දුවක් දැක්වූ අනෙක් එකම පාර්ශවය වන්නේ Pettigo Comercio Internacional LDA ය.මෙම ආයතනය ලංකාවේ උපන් නමුත් එක්සත් රාජධානියේ වෙසෙන ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන්ගේ Lyca ආයතනයට අයත් එකක් ලෙස සැලකේ. මෙහිදී පෙනී යන්නේ සුදුසුකම් සඳහා ඉල්ලීම (Request for qualification- RFQ) අවස්ථාවේදී Pettigo Comercio Internacional LDA සමාගම ලංසුකරුවෙක් ලෙස සුදුසුකම් ලැබීමට අපොහොසත්ව ඇති බවයි. RFQ සඳහා වන කාලය 2024 ජනවාරි 12 සිකුරාදා පස්වරු 02.00 න් අවසන් විය.
ගනුදෙනු උපදේශක: ශ්‍රී ලංකා ටෙලිකොම් හි ශ්‍රී ලංකා රජය සතු කොටස් බෙදා හැරීමේ ගනුදෙනු උපදේශක ලෙස ලෝක බැංකුවේ ආයතනයක් වන International Finance Corporation (IFC) ක්‍රියා කරනු ලබයි.
ආයෝජක උදාසීනත්වය: ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ලාභ ලබන ආයතනයක කොටස් විකිණීමේදී පවා ආයෝජකයන් දක්වා ඇති උදාසීනත්වය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී ඇත. ආයෝජක උනන්දුව අඩු අවස්ථාවක බෙහෝ විට සිදු වන්නේ තරගකාරී මිල ගණන් වෙනුවට අඩු මුදලකට විකිණී යාමය. ටෙලිකොම් සාමාගමේ සියයට 50.23ක කොටස් රජය සතුව ඇත.
මේ හා බැඳේ: https://neonmedia.lk/2024/01/30/cG9zdDoxMDg1/slt-අධ්යක්ෂ-මණ්ඩලය
https://neonmedia.lk/2024/01/31/cG9zdDoxMDkx/ශ්රී-ලංකා-ටෙලිකොම්-2