කාලීන
ටෙලිකොම් සභාපති ඇතුළුව අධ්‍යක්ෂවරුන් හය දෙනෙක් බැහැ කියා යන්න යයි
image for ටෙලිකොම් සභාපති ඇතුළුව අධ්‍යක්ෂවරුන් හය දෙනෙක් බැහැ කියා යන්න යයි

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරුන් හය දෙනෙකු වහාම ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇතැයි එම සමාගම අනාවරණය කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු රජයේ අධ්‍යක්ෂවරුන් හය දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති බව එම සමාගම ඊයේ (30) අනාවරණය කළේය.

හය දෙනා කවුද: එසේ ඉල්ලා අස් වූ  අධ්‍යක්ෂවරුන් වන්නේ, විධායක නොවන ස්වාධීන සභාපති රියාස් මියුලර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී පත් කළ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු, ලලිත් සෙනෙවිරත්න, රංජිත් රූබසිංහ, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සහ භාණ්ඩාගාර නියෝජිත කේ.ඒ. විමලෙන්දිරරාජ් ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිසංවිධානය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි 24 වැනි දින භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දීමෙන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකුගේ ඉල්ලා අස්වීම සිදු වී ඇති බව වාර්තා වෙයි. 

යෝජිත නව පත්කිරීම්: යෝජිත නව අධ්‍යක්ෂවරුන් වන්නේ කේ.ඩී.ඩී.ඩී. අරන්දර (සභාපති), ආචාර්ය කේ.ඒ.එස්. කීරගල, දිනේෂ් විදානපතිරණ, මහාචාර්ය කේ.එම්. ලියනගේ, ආචාර්ය ඩී.එම්.අයි.එස්. දසනායක සහ චතුර මොහොට්ටිගෙදර වේ. 

Global Telecommunications Holdings NV/Malaysia’s Maxis සතුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 45ක කොටස් ඇති අතර ඔවුන්ගේ හිමිකම නියෝජනය කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් හතර දෙනෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී.

නිධාන කතාව: ජනාධිපතිවරයාගේ මෙම තීරණයට මුල් වී ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ජංගම දුරකතන සේවා සපයන්නා වන මොබිටෙල් සමාගම විසින් ඩයලොග් ආසියාටා සමගම හා භාරතී එයාර්ටෙල් ලංකා සමාගම් ඒවායේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයට යාමයි. 

Daily FT පුවත්පතට අනුව ජනාධිපති වික්‍රමසිංහ මෙම නඩුව ඉවත් කර ගන්නා ලෙස ජනවාරි 24 වන දා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක. ආර්. අබේසිංහ සහ සභාපති රියාස් මියුලර් යන දෙපළට දැනුම් දී ඇත.

මේ හා බැඳේ: https://neonmedia.lk/2024/01/30/cG9zdDoxMDg1/slt-අධ්යක්ෂ-මණ්ඩලය