
‘දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් මෙරට දුම්රිය මාර්ග පද්ධතිය යළි ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේය.

‘දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් මෙරට දුම්රිය මාර්ග පද්ධතිය යළි ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ දිවයිනට බලපැවැත්වූ ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු විය. කෙසේ නමුත්, උඩටර දුම්රිය මාර්ගයට සාපේක්ෂව උතුරු සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගවලට එල්ල වී ඇති බලපෑම අවම මට්ටමක පවතී.
ඇස්තමේන්තුගත පිරිවැය සහ හානිය
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දුන් පරිදි, විවිධ දුම්රිය මාර්ග කොටස් සඳහා වන ඇස්තමේන්තුගත වියදම් මෙසේය:
මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි, යටත් විජිත යුගයට අයත් පැරණි ‘යකා පාලම’ වෙනුවට නව ද්විත්ව දුම්රිය පාලමක් ඉදිකිරීම සඳහා සැලසුම් කර ඇත. මෙම නව ද්විත්ව පාලම සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 18ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන් සඳහා ද අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව වාර්තා වෙයි.
යටිතල පහසුකම්වලට සිදු වූ බලපෑම
නිලධාරීන් පවසන පරිදි, සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගල් පෙරළීම් හේතුවෙන් ස්ථාන 91කදී දුම්රිය මාර්ගවලට හානි සිදු වී ඇත. මෙයට පාලම් 73ක් සහ බෝක්කු 38ක් ද ඇතුළත් වේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය සඳහන් කළේ, විවිධ ප්‍රදේශ වල ස්ථාන 15ක දුම්රිය පීලි යට පස් සේදී ගොස් මාර්ගය “එල්ලෙමින්” පවතින මට්ටමට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් සමස්ත දුම්රිය පද්ධතියෙන් ක්‍රියාත්මක කළ හැක්කේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව ඔහු ප්‍රකාශ කරයි.
නවීකරණය සහ ආර්ථික බලපෑම
“දිත්වා සුළි කුණාටුවට පෙර තිබූ තත්ත්වයට දුම්රිය දෙපාර්තමේන්තුව ගෙන ඒම සඳහා විශාල මූල්‍ය පිරිවැයක් දැරීමට සිදු සිදු වෙයි. නමුත්, ප්‍රතිසංස්කරණ වලින් පසු නවීන තාක්ෂණය සහිත වඩාත් දියුණු දුම්රිය මාර්ග පද්ධතියක් අපට හිමි වනු ඇත” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 2026 වසරේ ශ්‍රී ලංකාවේ අයවැය හිඟය සියයට 1.4කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව රජයේ ප්‍රාග්ධන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක සිට සියයට 2ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.