එකී දත්ත වලට අනුව, 2025 නොවැම්බර් මාසයේදී පාවිච්චි කරන ලද Bentley Continental GT රථයක්, පාවිච්චි කරන ලද Ferrari 296 GTB රථයක්, අලුත්ම Mercedes-Maybach GLS SUV රථයක් සහ Maybach S580 සෙඩාන් රථයක් ලියාපදිංචි කර තිබේ.
“මෙම සියලුම වාහන රුපියල් මිලියන 200ත් 300ත් අතර මිල පරාසයක පවතී,” යනුවෙන් JB සෙකියුරිටීස් ආයතනය සිය ගනුදෙනුකරුවන්ට නිකුත් කළ සටහනක දැක්වේ.
වැඩිදුරටත් මෙම තැරැව්කාර සමාගම ගැනුම්කරුවන්ට ස්තූතිවන්ත වෙමින්, ඔවුන්ගේ මෙම මිලදී ගැනීම් හරහා රජයේ භාණ්ඩාගාරයට සැලකිය යුතු දායකත්වයක් ලැබී තිබෙන බවත්, මෙම වාහනවල වෙළඳපල වටිනාකමෙන් තුනෙන් දෙකක්ම බදු වශයෙන් රජයට හිමිවන බවත් සදහන් කළේ ය.
මෙලෙසින් දැවැන්ත බදු මුදල් රජයට අත්‍යවශ්‍ය වී ඇත්තේ යුද්ධයෙන් පසු ඉතිරි වූ විශාල හමුදාව සහ රාජ්‍ය අංශයේ දැවැන්ත වියදම් පියවා ගැනීමට වෙනත් විකල්ප ආදායම් මාර්ග අවම බැවිනි.
JB සෙකියුරිටීස් දත්තවලට අනුව, 2025 වසරේ මේ දක්වා කාලය තුළ පාවිච්චි කරන ලද බෙන්ට්ලි රථ 5ක්, රෝල්ස් රොයිස් (Rolls-Royce) රථයක්, පෝර්ෂේ (Porsche) රථ 10ක්, ෆෙරාරි රථ 2ක්, ලැම්බෝගිනි (Lamborghini) රථ 2ක් සහ අලුත්ම පෝර්ෂේ රථ 6ක් ලියාපදිංචි කර ඇත.
කෙසේ වෙතත්, මෙම සුඛෝපභෝගී රථ මෙරටට පැමිණෙන්නේ, ආර්ථික විද්‍යාත්මක න්‍යායන් මත පදනම්ව නිෂ්පාදන පරතරය (Output gap) පියවීම සඳහා පොලී අනුපාත අඩු කර මුදල් අච්චු ගැසීමත් සමඟ 2020 වසරේ සිට පනවා තිබූ වාහන ආනයන තහනම මධ්‍යයේය.
මෙය දශක කිහිපයක සිට ක්‍රියාත්මක වන ආර්ථික රටාවක කොටසක් වන අතර, 1952 සිටම මහ බැංකුව විසින් වෙළඳපලට මුදල් මුදාහරිමින් (Liquidity injections) කෘත්‍රිම ලෙස පොලී අනුපාත පාලනය කිරීම නිසා ඇති වූ විනිමය අර්බුදවලින් පසුව බදු ඉහළ නැංවීමේ දීර්ඝකාලීන ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු වේ.
මෙම අහිතකර ආර්ථික රටාව යුද්ධය අවසන් වීමෙන් පසු තවදුරටත් උත්සන්න වූ අතර, එහිදී වියදම් පාලනය කිරීම වෙනුවට ‘ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාබද්ධතාවය’ යටතේ මුදල් අච්චු ගැසීම දිරිමත් කිරීම හේතුවෙන් දශකයකටත් අඩු කාලයකදී රට ණය පැහැර හරින (Sovereign default) තත්ත්වයට පත් විය.
කෙසේ වෙතත්, නව රාජ්‍ය මූල්‍ය නීතියක් යටතේ ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 13%කට සීමා කර ඇති බැවින්, රජයේ වියදම් මගින් ආර්ථික වර්ධනය ඇති කළ හැකි බව විශ්වාස කරන, වියදම් පාර්ශවීය (Expenditure-heavy) ආර්ථික විද්‍යාත්මක මත පාලනය කිරීමට මෙය ඉවහල් වනු ඇත.