
දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සලකා බලමින් ශ්‍රී ලංකාවේ ණය වාරික ගෙවීම් අත්හිටුවන ලෙස නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් ඉල්ලා සිටිති.

දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සලකා බලමින් ශ්‍රී ලංකාවේ ණය වාරික ගෙවීම් අත්හිටුවන ලෙස නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් ඉල්ලා සිටිති.
පුද්ගල මරණ 600ක් සහ නිවාස ලක්ෂ ගණනක විනාශයක් සිදු කළ මෙම සුළි කුණාටුව, මෙරට ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක හැඳින්වීය.
මෙම දැවැන්ත විනාශය හමුවේ රටේ ආර්ථිකය යළි අගාධයකට ඇද වැටී ඇත්තේ, 2022 වසරේ ණය පැහැර හැරීමෙන් පසු පසුගිය වසරේදී ඩොලර් බිලියන 9ක ණය ප්‍රතිව්‍යුහගත කර ලබාගත් තාවකාලික සහනය ද අභියෝගයට ලක් කරමිනි.
එහෙත් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවා ශ්‍රී ලාංකික බදු ගෙවන්නන්ට දරාගත නොහැකි මට්ටමේ පවතින බවට එවකටත් ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබුණි.
එසේම සුළි කුණාටුව ඇතිවීමට පෙර, වාර්ෂික ණය ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් 25%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. මෙය ජාත්‍යන්තර සහ ඓතිහාසික ප්‍රමිතීන්ට අනුව ඉතා ඉහළ මට්ටමකි.
නමුදු සිදුව ඇති පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගනිමින්, ණය ආපසු ගෙවීම කළමනාකරණය කළ හැකි මට්ටමකට ගෙන ඒම සඳහා නැවත වරක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන ලෙස විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් සමඟ මෙම ප්‍රකාශයට අත්සන් තැබූවන් අතර Massachusetts Amherst විශ්ව විද්‍යාලයේ සුප්‍රසිද්ධ ඉන්දීය සංවර්ධන ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, අසමානතාවය පිළිබඳ විශේෂඥ තෝමස් පිකෙටි, ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික ඇමති මාර්ටින් ගුස්මාන් සහ ‘ඩෝනට් ඉකොනොමික්ස්’ (Doughnut Economics) කෘතියේ කර්තෘ කේට් රාවර්ත් ද වෙති.
“මෑතකාලීන සුළි කුණාටුව, දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව දැන් දැඩි ආර්ථික කම්පනයකට මුහුණ දී සිටින අතර, එය යටිතල පහසුකම්, ජීවනෝපාය සහ ආර්ථිකයේ ප්‍රධාන අංශවලට විශාල හානියක් සිදු කර ඇත,” මේ ඔවුන්ගේ අදහසයි.
එසේම ඔවුහු මෙම පාරිසරික වශයෙන් සිදුවූ හදිසි අවස්ථාව, වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා හිමිව ඇති සීමිත මූල්‍ය අවකාශය සම්පූර්ණයෙන්ම ගිල ගැනීමට ඉඩ ඇති බව පවසන අතරම, ව්‍යසනයේ බලපෑම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවදුරටත් අමතර ණය ලබා ගැනීමට සිදුවනු ඇති බව ද පෙන්වා දෙති.
මේ හේතුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ “ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙසත්, නව තත්ත්වයන් යටතේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කරන නව ප්‍රතිව්‍යුහගත කිරීමක්” සිදු කරන ලෙසත්ය.
වැඩිදුරටත් ‘Debt Justice’ ව්‍යාපාරික කණ්ඩායම විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ 2024 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවෙන් පසුව වුවද, පෞද්ගලික අංශයේ ණය හිමියන් ඇමරිකානු රජයට ණය දීමට වඩා 40%ක වැඩි ලාභයක් ශ්‍රී ලංකාවට ණය දීමෙන් ලබා ගැනීමට සූදානමින් සිටින බවයි.
මේ අතර සුළි කුණාටුවෙන් පසු ඇති වූ ක්ෂණික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලා තිබේ. එහෙත් මෙම ‘වේගවත් මූල්‍ය පහසුකම’ (RFI) යටතේ ලබා දෙන මුදල් වසර තුනක් හෝ පහක් වැනි කෙටි කාලයකින් ආපසු ගෙවිය යුතු වීම තවත් අභියෝගයකි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම තත්ත්වය හුදෙක් දේශීය කළමනාකරණය පිළිබඳ ගැටලුවක් පමණක් නොව, ගෝලීය දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිඵලයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඒ අනුව, ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම මෑත කාලීනව ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල ද ගංවතුර තත්ත්වය උග්‍ර වී ඇති බව ‘වර්ල්ඩ් වෙදර් ඇට්‍රිබියුෂන්’ (World Weather Attribution) හි විශේෂඥයෝ තහවුරු කරති.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් රාජධානියේ රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, සුළි කුණාටුවෙන් සිදු වූ විනාශකාරී බලපෑම තමන් පිළිගන්නා බවයි. එසේම බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
“මානුෂීය ආධාර සහ ජාත්‍යන්තර සම්බන්ධීකරණය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීමට සහාය වීමට අපි කැපවී සිටින්නේ ඒ නිසයි. හදිසි සැපයුම් සහ ජීවිතාරක්ෂක සත්කාර ලබා දීම සඳහා අපි දැනටමත් රතු කුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් සහ සිවිල් සංවිධාන හරහා පවුම් මිලියන 01ක මානුෂීය ආධාර ලබා දී ඇත.”