
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය සහ කඩිනම් මූල්‍ය සහනය (Rapid Financing Instrument – RFI) භාවිතා කරමින්, 2026 පෙබරවාරි දක්වා විදේශ ණය වාරික ගෙවීමට භාණ්ඩාගාරයට හැකියාව පවතින බව භාණ්ඩාගාර මෙහෙයුම් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් දමිතා රත්නායක පැවසුවාය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය සහ කඩිනම් මූල්‍ය සහනය (Rapid Financing Instrument – RFI) භාවිතා කරමින්, 2026 පෙබරවාරි දක්වා විදේශ ණය වාරික ගෙවීමට භාණ්ඩාගාරයට හැකියාව පවතින බව භාණ්ඩාගාර මෙහෙයුම් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් දමිතා රත්නායක පැවසුවාය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPF) විමසීම්වලට පිළිතුරු දෙමින් ඇය මෙලෙස සඳහන් කළාය.
අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැහැදිලි කළ පරිදි රජයේ මූලික සැලසුම වූයේ, ණය ගෙවීම සඳහා IMF ආයතනයෙන් ලැබෙන ඩොලර් මිලියන 350ක වාරිකය යොදා ගැනීමටයි.
මෙම වාරිකයට අදාළ පස්වන සමාලෝචනය දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබුණි.
“රජය වශයෙන් අපි සැලසුම් කරලා තිබුණේ IMF ණය මුදල ණය වාරික ගෙවීමට යොදාගන්න. නමුත් අපට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 270ක් ලැබී තිබෙනවා. දෙසැම්බර් 31ට පෙර තවත් මිලියන 100ක් ලැබීමට නියමිතයි. ඒ හරහා දෙසැම්බර් සහ ලබන වසරේ මුල් මාස දෙක තුන කළමනාකරණය කරගත හැකියි. ඉදිරියේදී IMF වාරිකය ප්‍රමාද වුවහොත්, අපි රුපියල් යොදාගෙන මහ බැංකුවෙන් ඩොලර් මිලදී ගන්නවා,” යැයි දමිතා රත්නායක වැඩිදුරටත් පැවසුවාය.
මෙසේ මහා භාණ්ඩාගාරය මහ බැංකුවෙන් ඩොලර් මිලදී ගෙන ණය පියවීම මගින්, රජය විදේශයන්ට ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයෙන් ‘ශුද්ධ විදේශ ණය’ බර අඩු වේ.
එමෙන් ම, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ආරම්භ වන්නේ 2028 වසරේ සිට බවට මතයක් පැතිර ගියද, සැබවින්ම සෑම වසරකම ණය සේවාකරණය සිදු කළ යුතුව ඇත.
නමුත් වත්මන් IMF රාමුව යටතේ ප්‍රමාණවත් අවධමනකාරී (Deflationary) ප්‍රතිපත්ති නොමැතිකම හේතුවෙන්, 2023 සහ 2024 වසරවලදී මෙන් ඩොලර් රැස් කිරීමට 2025 වසරේදී මහ බැංකුව අපොහොසත් වී ඇත.
විශේෂයෙන්ම 2025 මැයි මාසයේදී සිදු කළ පොලී අනුපාත අඩු කිරීම මගින් ණය වර්ධනය උත්තේජනය වී තිබේ.
එවැනි පසුබිමක නව මහ බැංකු පනතේ පවතින දුර්වලතා හේතුවෙන් මහ බැංකුව භාණ්ඩාගාරයට ඩොලර් විකිණීමේදී බැංකු පද්ධතියේ පවතින මුදල් ප්‍රමාණය (ද්‍රවශීලතාව) තවදුරටත් අඩු වීමේ අවදානමක් පවතී.
එම අඩුව පියවීමට මුදල් මුද්‍රණය කළහොත්, රට තුළ නැවතත් විදේශ විනිමය හිඟයක් ඇති විය හැකි බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
පසුගිය වසරේදී ඩොලර් මිලියන 750කට වඩා වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාරයට විකුණා තිබුණේ අතිරික්ත ද්‍රවශීලතාව අඩු කරමින් රුපියල ශක්තිමත් වන ආකාරයටය.
එහෙත් 2025 වසරේදී මහ බැංකුව ඩොලර් මිලදී ගැනීම සීමා කර ඇති අතර, ඇතැම් අවස්ථාවල රුපියල අවප්‍රමාණය වීමටද ඉඩ හැර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ ගොස් ආර්ථිකය යථා තත්ත්වයට පත්වන විට ප්‍රමාණවත් සංචිත රැස් කිරීමට මහ බැංකුව අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව දෙවන වරටත් ණය පැහැර හැරීමකට ලක්වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙනවා දෙති.