
‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ පුළුල් විනාශයෙන් පසු සහන, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මේ වන විට රුපියල් බිලියන 13කට අධික මුදලක් මුදා හැර ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේ ය.

‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ පුළුල් විනාශයෙන් පසු සහන, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මේ වන විට රුපියල් බිලියන 13කට අධික මුදලක් මුදා හැර ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේ ය.
ඔහුට අනුව, ‘දිත්වා’ සුළි කුණාටුවෙන් පසු සහන සඳහා රුපියල් බිලියන 13කට අධික මුදලක් ජනාධිපතිවරයා යෝජනා කර, පාර්ලිමේන්තුවෙන් අනුමත කළ අතිරේක අයවැය හරහා මුදා හැර ඇත.
මේ තුළින්, රජය පීඩාවට පත් වූවන්ට ලබා දෙන නිරන්තර සහයෝගයේ ප්‍රමාණය සහ එය සංවිධානය කරන ආකාරය ඔහු පැහැදිලි කළේය.
එහි ප්‍රධාන අරමුණ වන්නේ මුදල් සහ සම්පත් කඩිනමින් පීඩාවට පත් ප්‍රජාවන් වෙත මුදා හැරීම සහතික කිරීමයි.
මෙලෙසින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ප්‍රයත්නවල අරමුණ වන්නේ සුළි කුණාටුව, ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් වූ ජනතාවට සහ ව්‍යාපාරවලට කෙටි කාලයක් තුළ සාමාන්‍ය ජීවිතය යළි ආරම්භ කිරීමට උපකාර කිරීමයි.
එසේම, පරිත්‍යාග සහ ආධාර කඩිනමින් බෙදා හැරීම සඳහා දත්ත රැස් කිරීම සහ තොරතුරු හුවමාරුව කඩිනමින් සිදු කිරීමට ද විධිවිධාන සලසා ඇත.
ආපදා බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදනය ශක්තිමත් කිරීම සඳහා, රජයේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයෙන් ලැබුණු ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සන්නිවේදන ඒකක තොගයක් මේ වන විට රේගු නිෂ්කාශනය කරමින් පවතී.
එමඟින් දුරස්ථ ප්‍රදේශ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙයට අමතරව, ‘නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ’ අරමුදලට සැලකිය යුතු දායකත්වයන් ලැබී ඇත.
ඒ අතර ගංගාරාම විහාරයෙන් රුපියල් මිලියන 100ක් සහ සිංගප්පූරුවේ විහාරස්ථානයකින් රුපියල් මිලියන 23කට සමාන මුදලක් වන අතර, මෙම අරමුදල් ගංවතුර හා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගනු ඇත.
මූල්‍ය ආධාරවලට අමතරව, නායයෑම් සහ ගංවතුර හේතුවෙන් හුදෙකලාවූ ගම්මාන වෙත ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රටවල් කිහිපයකින් තාවකාලික පාලම් ඇතුළු ද්‍රව්‍යමය සහාය ද ශ්‍රී ලංකාවට ලැබී ඇත.
මෙම මැදිහත්වීම් මඟින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රවේශය යළි ස්ථාපිත කිරීමට සහ මිනිසුන්ගේ හා භාණ්ඩවල ගමනාගමනයට සහාය වීමට ඉතා වැදගත් වී ඇති බව ආචාර්ය සූරියප්පෙරුම පැවසුවේ ය.
මීට අමතරව මුදල් අමාත්‍යාංශය විසින් සජීවී දත්ත රැස් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
එම දත්ත පද්ධතියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සජීවීව තොරතුරු ලැබෙන අතර, එමඟින් තත්ත්වය වෙනස් වන ආකාරය “Dashboards හරහා දැක ගත හැකි” බව ලේකම්වරයා පැවසුවේ ය.
මෙම දත්ත මත පදනම් වූ ක්‍රමවේදය මඟින් අවශ්‍ය පරිත්‍යාග සහ සම්පත් කඩිනමින් අවශ්‍යම ජනතාවට ලබා දීමට ඉඩ සලසයි.
එසේම ලැබෙන සියලුම අරමුදල් භාණ්ඩාගාරය හරහා තහවුරු කරන බවත්, මුදල් මුදා හැරීම් ස්ථාපිත ආයතනික රාමු හරහා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන බවත් ආචාර්ය සූරියප්පෙරුම අවධාරණය කළේය.
තව ද, මෙහි සමස්ත අරමුණ වන්නේ අහිමි වූ දේ යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව, ආපදාවට පෙර පැවති මට්ටම්වලින් ඔබ්බට ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ ය.
“සමස්තයක් ලෙස මෙහි අරමුණ වන්නේ ජීවන තත්ත්වය, ව්‍යාපාර සහ ප්‍රජාවන් නඟා සිටුවීම සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු වඩාත් හොඳ හෙටක් සහතික කිරීමයි,” ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේ අතරතුර නැවත ගොඩනැගීමේ ප්‍රයත්නය අඛණ්ඩ හා නොනවතින ක්‍රියාවලියක් ලෙස විස්තර කරමින්, දිවා රෑ නොබලා වැඩ කරන රජයේ නිලධාරීන්ගේ කැපවීම මෙන්ම ජාතික ප්‍රතිසාධනයට සහාය වන ස්වේච්ඡා සේවකයන්ගේ, ප්‍රජාවන්ගේ සහ සංවිධානවල දායකත්වය ද ආචාර්ය සූරියප්පෙරුම අගය කළේය.
එසේම, රට යථා තත්ත්වයට පත් වී ඉදිරියට යන විට, විනිවිදභාවය, තොරතුරු බෙදාගැනීම සහ කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම දිගින් දිගටම වැදගත් වනු ඇති බව ඔහු අවධාරණය කළේය.