
2025 වසරේ තෙවන කාර්තුව (ජූලි – සැප්තැම්බර්) සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 5.4%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2025 වසරේ තෙවන කාර්තුව (ජූලි – සැප්තැම්බර්) සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 5.4%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙය 2023 වසරේ තෙවන කාර්තුවේ සිට මෙරට ආර්ථිකය අඛණ්ඩව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නවවන අවස්ථාව වීම විශේෂත්වයකි.
විවිධ ආර්ථික අංශ අනුව වර්ධනය :
ආර්ථික ස්ථාවරත්වය සහ අභියෝග: මහ බැංකුව විසින් පවත්වාගෙන ගිය ස්ථාවර ප්‍රතිපත්ති සහ පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය මෙම වර්ධනයට මූලික පදනම සකසා ඇත.
රුපියලේ අගය තරමක් පහළ ගිය ද, ලෝක වෙළඳපොළේ පවතින තත්වයන් මත ආනයනික අමුද්‍රව්‍ය මිල පහළ මට්ටමක පැවතීම දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයට ශක්තියක් විය.
කෙසේ වෙතත්, ‘දිත්වා’ (Ditwah) ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත හා දේපළ හානි මෙම සාර්ථකත්වය හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක් බව වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.