
ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියට ‘දිත්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වී ඇති අතර, දැනට ධාවනය වන්නේ මාර්ග දෙකක් පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියට ‘දිත්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වී ඇති අතර, දැනට ධාවනය වන්නේ මාර්ග දෙකක් පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය පැවසුවේ ය.
මේ සඳහා හේතු වී ඇත්තේ, නාය යෑම් සහ අධික වර්ෂාවට දුම්රිය මාර්ග කොටස් ගසාගෙන ගොස් පාලම්වලට හානි සිදුවීමයි.
“මේ ස්වාභාවික ව්‍යසනයෙන් පසු අපට ඉතිරි වුණේ වෙරළබඩ මාර්ගය සහ කැලණිවැලි මාර්ගය පමණයි,” දුම්රිය සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සංසදයකදී පැවසුවේ ය.
එසේම වඩාත්ම හානිය සිදුව ඇත්තේ උඩරට ප්‍රදේශයේ මහනුවර, බදුල්ල සහ මාතලේ මාර්ගවලට බවත්, මාර්ගය යට පොළොව කඩා වැටීම හේතුවෙන් දැනට ස්ථාන 15කින් දුම්රිය මාර්ග එල්ලෙමින් පවතින තත්ත්වයකට පත්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මීට අමතරව, තවමත් හානි වූ නව ස්ථාන සොයා ගැනීමට ලැබෙන බව මෙන්ම තවමත් ළඟා වීමට නොහැකි වූ සමහර හානි වූ ස්ථාන පවතින බව ද අවධාරණය කළේ ය.
එමෙන්ම ඉන්දියානු ආධාර යටතේ උතුරු මාර්ගය වැඩි දියුණු කළ ඉන්දීය සමාගම, තවදුරටත් සහාය වීමට එකඟ වූ බව ද සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේ ය.
එසේම, කිලෝමීටර් 100 කට වඩා වැඩි එම කොටස ප්‍රතිසංස්කරණය කිරීමට මාස එකහමාරක් පමණ ගත විය හැකි බව ද ඔහු වැඩිදුරටත් කීවේ ය.
මේ අතර දැනට දුම්රිය මාර්ග තත්ත්වය පිළිබඳ ලබා ගත් සාරාංශය මෙසේ ය.
තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති මාර්ග:
නොවෙනස්ව පවතින (ධාවනය වන) මාර්ග:
දෙසැම්බර් 05 වන විට යථා තත්ත්වයට පත් වූ කොටස්:
ඉදිරියේදී අපේක්ෂිත ප්‍රගතිය:
එසේම, කොළඹ සිට බදුල්ල දක්වා මාර්ගය දැන් රඹුක්කන දක්වා විවෘත කර ඇති නමුත් රඹුක්කන සිට මහව සංධිය ඔස්සේ ගල්ඔය දක්වා ඉහළ මාර්ගය තවදුරටත් ධාවනයෙන් ඉවත් කර ඇත.
මේ හේතුවෙන් රඹුක්කන සහ මහනුවර සිට දුම්රිය වාර ප්‍රවේශපත් දරන්නන් සඳහා බස් ප්‍රවාහනය ලබා දීමට තීරණය කර ඇත.
තව ද, දුම්රිය දහයක් සහ කාර්යාල ප්‍රවාහනය සඳහා භාවිතා කරන ද්විත්ව කට්ටල හතරක් විවිධ ස්ථානවල සිරවී තිබූ බව වැඩිදුරටත් සඳහන් වෙයි.