කාලීන
කර්මාන්ත හානි තක්සේරුවට දත්ත එකතු කිරීම ඇරඹේ
image for කර්මාන්ත හානි තක්සේරුවට දත්ත එකතු කිරීම ඇරඹේ

රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට දිත්වා සුළී කුණාටුවේ බලපෑම කෙබඳුදැයි නිවැරදිව තක්සේරු කිරීම සඳහා, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව අන්තර්ජාලය ඔස්සේ විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ.

එහි දී, සියලුම කාර්මික ආයතනවලින් ඉල්ලා සිටින්නේ, පහත සඳහන් අංශ ආවරණය වන පරිදි නිවැරදි සහ කාලෝචිත තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි.

  • මෙහෙයුම්වලට සිදු වූ බාධා
  • පහසුකම් හෝ යන්ත්‍ර සූත්‍රවලට සිදු වූ හානි
  • සැපයුම් දාමයේ දුෂ්කරතා
  • ශ්‍රම බලකායේ සීමාවන්
  • කාලගුණයට අදාළ වෙනත් අභියෝග

තව ද, මෙලෙසින් එකතු කරන ලද තොරතුරු සමස්ත තත්ත්වය ඇගයීමටත්, බලපෑමට ලක් වූ කර්මාන්ත සඳහා ඉලක්කගත මැදිහත්වීම් සැලසුම් කිරීමටත්, ඉතා වැදගත් වනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර රජය විසින් දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔන්ලයින් පෝරමයක් නිකුත් කර ඇති අතර, එමගින් කර්මාන්ත හිමියන්ගෙන් පහත තොරතුරු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

  1. ආයතනයේ නම (Company Name)
  2. සම්බන්ධීකරණ නිලධාරියාගේ නම (Contact Person)
  3. දුරකථන අංකය (Contact Number)
  4. දිස්ත්‍රික්කය  (District)
  5. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය (Divisional Secretariat Division)
  6. හානි තත්ත්වය (Damage Status)

අවසාන වශයෙන්, බලධාරීන් අවධාරණය කළේ, මෙම වැඩපිළිවෙල සඳහා ව්‍යාපාරවලින් කඩිනම් සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි.

එමගින් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමටත්, ආධාර අවශ්‍ය නිවැරදි ස්ථාන වෙත සෘජුව යොමු කිරීමටත් හැකි වනු ඇත.

තොරතුරු එකතු කිරීමේ පෝරමය මෙතැනින්:

 https://docs.google.com/forms/d/e/1FAIpQLSec5kITbPhYPlRDLoVU_zGT7Eb0B-nO-4KkU45dogsea2zA-w/viewform