
ශ්‍රී ලකා රජය විසින්, බස් ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම අත්හදා බැලීම සඳහා නියමු වැඩසටහනක් මාකුඹුර බස් සංක්‍රමණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දියත් කර ඇත.

ශ්‍රී ලකා රජය විසින්, බස් ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම අත්හදා බැලීම සඳහා නියමු වැඩසටහනක් මාකුඹුර බස් සංක්‍රමණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දියත් කර ඇත.
එම උත්සවය අමතමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, “කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී මගීන්ගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරෙන” බවයි.
එසේම එකී ගාස්තු බැංකු විසින් බස් හිමියන්ගේ ගිණුම් වෙත බැර කරනු ඇති අතර, එමගින් බස් හිමියන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසුවේ ය.නමුත් එම ප්‍රතිලාභ මොනවාදැයි ප්‍රවාහන අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.
මෙම කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන ඉදිරි දිනවලදී සමීපව නිරීක්ෂණය කරන බවත්, හඳුනාගත් ශක්තීන් සහ දුර්වලතා මත පදනම්ව මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවේ ය.
“අද (24) සිට මෙම ක්‍රමය බස් මාර්ග කිහිපයකින් ආරම්භ වේ. හෙට (25) සිට තවත් මාර්ග කිහිපයකට මෙම ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර ඇත.” – ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක
දැනට කාඩ්පත් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බස් මාර්ග: