ආර්ථික
රන් මිල ඉහළට!
image for රන් මිල ඉහළට!

පසුගිය දිනවල ගෝලීය රන් මිලෙහි සිදු වූ තියුණු වැඩිවීමට අනුකූලව, නොවැම්බර් මස 25වන දින ශ්‍රී ලංකාවේ රන් මිල ද, සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා කළේය.

පසුගිය දිනවල ගෝලීය රන් මිලෙහි සිදු වූ තියුණු වැඩිවීමට අනුකූලව, නොවැම්බර් මස 25වන දින ශ්‍රී ලංකාවේ රන් මිල ද, සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා කළේය.

මෙහි වෙළෙඳපොළ දත්ත අනුව, ගෝලීය රන් මිල ඇමෙරිකානු ඩොලර් 4,150කින් ඉහළ ගොස් ඇත.

එසේම එය දේශීය වශයෙන් ද රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් ඇති කර තිබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් කොළඹ පිටකොටුව රන් වෙළෙඳපොළේ වෙළෙන්දන් පැවසුවේ, රුපියල් 303,600ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල 25 වන දා උදෑසන වන විට රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කැරට් 22 නව රන් මිල රුපියල් 309,200ක් වී ඇත.

මේ අතර, කැරට් 24 රන් පවුමක මිලද ඉහළ ගොස් ඇත. 

එහිදී, පසුගිය දිනවල රුපියල් 330,000ක්ව තිබූ මිල නොවැම්බර් 25 වන දිනට රුපියල් 336,000 දක්වා ඉහළ ගොස් තිබේ.