ආර්ථික
IMF සමාලෝචනය දෙසැම්බර් 15දා !
image for IMF සමාලෝචනය දෙසැම්බර් 15දා !

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකමෙහි සමාලෝචනය (Extended Fund Facility – EFF) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් දෙසැම්බර් 15 වැනිදා සලකා බැලීමට නියමිත බව IMF ප්‍රකාශකයෙකු පැවසුවේ ය.

ඒ අනුව,මෙය විස්තීරණ අරමුදල් පහසුකමේ පස්වන සමාලෝචනය වන අතර, එමඟින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 358ක් පමණ හිමිවීමට නියමිතයි.

මෙම පස්වන වාරිකය 2026 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග කෙතරම් සමපාත වේදැයි එම ආයතනයේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ලබනු ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, උද්ධමනය ඉලක්කය කරා ගමන් කිරීම, සංචිත සමුච්චය වීම සහ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ආදායම් බලමුලු ගැන්වීම අපේක්ෂාවන් ඉක්මවා යාමත් සමඟ, යථා තත්ත්වයට පත්වීමට අඛණ්ඩව සහාය වී ඇති බව IMF පැවසීය.

2023 මාර්තු 20 වන දින SDR බිලියන 2.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ) මුළු මුදලකට IMF විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම අනුමත කරන ලදී.