
ශ්‍රී ලංකා රජය විසින් සූර්ය බලශක්තිය මෙගාවොට් 800ක (800MW) ප්‍රමාණයක් ජාතික විදුලි සම්ප්‍රේෂණ ජාලයට එකතු කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් සූර්ය බලශක්තිය මෙගාවොට් 800ක (800MW) ප්‍රමාණයක් ජාතික විදුලි සම්ප්‍රේෂණ ජාලයට එකතු කර තිබේ.
ඉන් වැඩි ප්‍රමාණයක් සැපයීම සිදුවන්නේ නිවෙස්වල සහ ගොඩනැගිලිවල වහලවල් මත සවි කර ඇති කුඩා සූර්ය පැනල පද්ධති වලිනි.
මෙහිදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළ පරිදි, සූර්ය බලශක්තිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ වේගය, 2025 දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
එනම්, 2024 වසර පුරා සම්බන්ධ කරන ලද 533MW ට සාපේක්ෂව, 2025 ඔක්තෝබර් වන විට 800MWක ප්‍රමාණයක්, දැනටමත් පද්ධතියට සම්බන්ධ කර ඇත.
තවද 2025 වසර අවසන් වන විට සමස්ත සූර්ය බලශක්ති ධාරිතාව, 900MW – 1,000MW අතර ප්‍රමාණයක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වල බව අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි.
එහිදී වැඩිදුරටත් ඔහු සිහිපත් කළේ, ජාතික ජන බලවේගය (NPP) විසින් වසර පහක් තුළ මෙගාවොට් 2,000ක සූර්ය බලශක්තියක් සම්බන්ධ කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දුන් බවය.ඉදිරි වසර හතර තුළ 300MWක සූර්ය බලශක්තියක් පමණක් සම්බන්ධ කළද, වත්මන් ඉහළ සම්බන්ධතා වේගය හේතුවෙන් එම ප්‍රතිඥාව පහසුවෙන් ඉටු වනු ඇති බව ඔහු කියා සිටියේය.
තවද 2025 වසරේ සම්බන්ධ කිරීමේ වේගය,
නිරවද්‍යව පෙන්නුම් කරන බව බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේය.