ආර්ථික
2026 හොදම සංචාරක ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්!
image for 2026 හොදම සංචාරක ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්!

ලොව සුප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන ‘Travel + Leisure’ සඟරාව මගින් “2026 සඳහා සංචාරය කිරීමට හොඳම ස්ථාන 50” අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

Travel + Leisure සඟරාව නිකුත් කරන මෙම වාර්ෂික ලැයිස්තුව ඔවුන් ගමන් පහසුව, සංස්කෘතික වැදගත්කම, විශේෂ අත්දැකීම්, සහ නැගී එන සංචාරක ප්‍රවණතා යන කරුණු පදනම් කරගෙන සකස් කරයි.

ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාව විවිධ ආකර්ෂණ, ස්වභාව සෞන්දර්යය, සහ ඓතිහාසික සංස්කෘතික උරුම සඳහා  සඟරාවේ ප්‍රශංසාවට ලක් වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ උතුරුපුර වන යාපනය, හෝර්ටන් තැන්න උස්බිම් සහ ත්‍රාසජනක ගමන්, කඳු නැගීම සඳහා සුන්දර තේ වතු ද ගවේෂණය කරන ලෙස විශේෂඥයන් විසින් සඟරාවේ නිර්දේශ කර ඇත. 

තවදුරටත් එහි සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ඔස්සේ, මිරිස්සෙන් යාත්‍රා චාරිකා, කුඩාවැල්ල වැනි ධීවර ගම්මාන නැරඹීමට අවස්ථා මෙන්ම ඈත වෙරළ තීරයන් (remote beaches) ගවේෂණය කිරීමේ අවස්ථාද සංචාරකයන්ට ලැබෙන බවයි.

එසේම ශ්‍රී ලංකික සංචාරක මෙහෙයුම්කරුවන්ද 2026 සඳහා ඔවුන්ගේ සංචාරක සැලසුම් පුළුල් කරමින් සිටී. ඒ ඔස්සේ,

  • Insight Vacations සමාගම විසින් කොළඹින් ටැක්සියකින් (tuk-tuk) සංචාරය ආරම්භ කර නගර 9 ක් ආවරණය කරන දින 13ක සංචාරය
  • Trafalgar සමාගම තේ කඳුකර අතරින් දුම්රිය ගමන් සහ යාල ජාතික උද්යානයේ සෆාරි චාරිකා ඇතුළත් සංචාර
  • පුද්ගලික දිය පවුම් (Private pools) සහ වනජීවීන්ට ආසන්නව පිහිටි Kotiyagala Luxury Villas ආකර්ෂණීය නවාතැන් සංචාරකරුවන් ලබා දීම 

වැනි වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

තවද Travel + Leisure A-List උපදේශක Rumit Mehta මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව “තනි ගමනාන්තයක්” වී ඇති බවයි. 

ඊට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 8, පෘතුගීසි, ලන්දේසි හා බර්ගර් සංස්කෘතික බලපෑම්වලින් පොහොසත් බහු සංස්කෘතික උරුමය, සහ සිවිල් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රකෘතිමත් වීමයි.