ආර්ථික
ජල සම්පාදන මණ්ඩලයට ඉහළ ලාභයක්!
image for ජල සම්පාදන මණ්ඩලයට ඉහළ ලාභයක්!

2025 වසරේ පළමු අර්ධයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) ඉහළ ලාභයක් වාර්තා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසු, ලංකා විදුලි බල මණ්ඩලයට (CEB) පාඩු සිදුවුවද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2025 වසරේ පළමු අර්ධයේදී ඉහළ ලාභයක් වාර්තා කර ඇත.

කෙසේ වුවත්, මුදල් අමාත්‍යාංශ වාර්තාවකට අනුව, 2025 ජුනි මාසය දක්වා පළමු මාස ​​හය තුළ NWSDBහි ආදායම රුපියල් බිලියන 41.5ක් වූ අතර එය පෙර පැවති ආදායම වූ රුපියල් බිලියන 42.5ට සාපේක්ෂව පහළ යාමකි.

එකී වාර්තාවට අනුව මෙම කාල සීමාව තුළ විකුණුම් පිරිවැය 20%කින් සැලකිය යුතු ලෙස රුපියල් බිලියන 15 දක්වා අඩු වී තිබේ.

මීට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, 2025 ජනවාරි මාසයේදී සිදු කළ විදුලි ගාස්තු අඩු කිරීම හා ඒ සම්බන්ධ පොම්ප කිරීමේ පිරිවැය අඩුවීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත කාලය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 26.5ක දළ ලාභයක් වාර්තා කර ඇත. එය 2024 දී එම කාලය සඳහා රුපියල් බිලියන 24ක් විය.

වාසිදායක කාලගුණය හේතුවෙන් ජනන පිරිවැය අඩුවීම නොතකා, මහජන උපයෝගිතා කොමිසම විසින් ගාස්තු අඩු කිරීමට නියෝග කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 11.2ක දළ පාඩුවක් ලබා ඇති බව එම වාර්තාවේ තවදුරටත් සදහන් ය.

එමෙන්ම ලංකා ට්‍රාන්ස්ෆෝමර් කොටස් විකිණීමෙන් ලද රුපියල් බිලියන 26ක ප්‍රාග්ධන ලාභයක් ඇතුළත් රුපියල් බිලියන 119.2ක ලාභයක සිට, CEBහි ශුද්ධ පාඩුව මෙම කාලය තුළ රුපියල් බිලියන 13.2 දක්වා පහත වැටී ඇත.

මේ අතර, 2025 පළමු අර්ධයේදී NWSDB හි මූල්‍ය පිරිවැය 41%කින් අඩු වී, මුළු මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 3.6ක් දක්වා පහළ ගොස් ඇත.

ඒ අනුව එය පෙර වසරට වඩා 28%කින් වැඩිවීමක් ද, ශුද්ධ ලාභය රුපියල් බිලියන 17.7 දක්වා ඉහළ යෑමක් ද පෙන්නුම් කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස NWSDB 2024දී එම කාලය තුළ වාර්තා කළ රුපියල් බිලියන 19.1 සිට, 2025 පළමු මාස ​​හය තුළ රුපියල් බිලියන 20.6ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත.

තවද NWSDB මගින් 2025 දී පද්ධතියට නව සම්බන්ධතා 100,000 ක් එකතු කර ඇත.

තවදුරටත් භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 23.5 ක කොටස් ප්‍රාග්ධනයක්, තඹුත්තේගම, ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, අලුත්ගම, මාතුගම, අගලවත්ත, පොල්ගහවෙල, අලව්ව සහ පොතුහැර යන ප්‍රදේශවල ක්‍රියාත්මක ජල ව්‍යාපෘති සඳහා සහාය වීමට සහ දේශීය බැංකු වෙත මුදල් ගෙවීමට NWSDB හට උපකාර කිරීම සඳහා අනුමත කර ඇත.