
ආර්ථික පර්යේෂණ ආයතනයක් වන අරුත රිසර්ච් (Arutha Research) විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, රජයේ මධ්‍ය කාලීන ආදායම් ප්‍රක්ෂේපණ මගින් අතුරු තීරුබදු (para-tariffs) ඉවත් කිරීමේ සැලැස්ම පිළිබඳව සැකයක් මතු කර ඇත.

ආර්ථික පර්යේෂණ ආයතනයක් වන අරුත රිසර්ච් (Arutha Research) විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, රජයේ මධ්‍ය කාලීන ආදායම් ප්‍රක්ෂේපණ මගින් අතුරු තීරුබදු (para-tariffs) ඉවත් කිරීමේ සැලැස්ම පිළිබඳව සැකයක් මතු කර ඇත.
ඒ අනුව, අරුත පෙන්වා දෙන්නේ, අපනයන වර්ධනය සඳහා තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් වන මෙම සැලසුම සම්බන්ධයෙන් 2026 අයවැය මිශ්‍ර සංඥා නිකුත් කරන බවයි.
මෙවර අයවැය මගින් ජාතික තීරුබදු ප්‍රතිපත්තියට අනුව, අතුරු තීරුබදු ක්‍රමයෙන් ඉවත් කිරීමේ තීරණයට ජනාධිපතිවරයාගේ කැපවීම නැවත අවධාරණය කර ඇත.
නමුත් රජයේ මධ්‍ය කාලීන ආදායම් පුරෝකථන මගින් ඊට වෙනස් කතාවක් කියැවෙන බව අරුත පෙන්වා දෙයි.
එනම්, පහත බදු වර්ගවල අපේක්ෂිත එකතු කිරීම් 2028 දක්වා ඉහළ යනු ඇතැයි රජයේ මධ්‍ය කාලීන ආදායම් පුරෝකථනය කර ඇත.
මෙහිදී අරුත පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර වෙළඳාමෙන් අය කරන බදු වලින් 2/3 ආසන්න ප්‍රමාණයක් සඳහා අතුරු තීරුබදු දිගටම දායක වනු ඇති බවයි.එසේම අයවැයට පාදක වන සංඛ්‍යාවලද, PAL, CESS සහ SCL වෙතින් ලැබෙන ආදායම 2028 වන තෙක් සෑම වසරකම වර්ධනය වේ යැයි අපේක්ෂා කරන බවට සදහන් වේ.
ඒ අනුව මෙම අයවැයට පාදක වන සංඛ්‍යාවල සහ ප්‍රතිපත්තිමය නිවේදන අතර පැහැදිලි නොගැලපීමක් පෙන්නුම් කරන බව අරුත පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.
ඔවුන් පවසන පරිදි මෙම විෂමතාවය, පවතින බදු ක්‍රමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය පිළිබඳ සැක මතු කරයි.
එසේම අතුරු තීරුබදු හේතුවෙන් තරඟකාරීත්වය හීන වන බවටත්, ව්‍යාප්තිය අඩාල වන බවටත් තර්ක කරන අපනයනකරුවන් තුළද, බදු ප්‍රතිසංස්කරණ කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව අරුත අවධාරණය කරයි.
“අතුරු තීරුබදු තවදුරටත් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට අපනයන වර්ධනයක් අත්කර ගැනීමට නොහැකියි,” අරුත පර්යේෂණ වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙසයි.
තවද අරුත පර්යේෂණ ආයතනය, VAT ලියාපදිංචි කිරීමේ සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ තීරණය තීරුබදු විවාදයට සම්බන්ධ කරයි.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ සත්‍ය අතුරු තීරුබදු ඉවත් කිරීමක් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) වලට ඉහළ යන පිරිවැය කළමනාකරණය කර ගැනීමට උපකාර කළ හැකි බවයි.