ආර්ථික
පොල් අලෙවිය 88%කින් පහළට!
image for පොල් අලෙවිය 88%කින් පහළට!

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල 0.12%කින් පහත වැටී ඇති අතර, සතිපතා වෙන්දේසියේදී අලෙවි වූ පොල් ගෙඩි ප්‍රමාණය 88%කින් අඩු වී, ගෙඩි 52,106ක් දක්වා පහත වැටී ඇත.

ඒ අනුව මෙවර වෙන්දේසියේදී අලෙවි වූ පොල් ගෙඩි ප්‍රමාණය, පෙබරවාරි 13 වන දින අලෙවි වූ පොල් ගෙඩි  ප්‍රමාණය වූ 21,569ට පසුව වාර්තා වූ අඩුම අගයයි. 

පොල් ගෙඩි 1,000ක් සඳහා පැවති සාමාන්‍ය මිල සතියකට පෙර පැවති රුපියල් 122,493.58ක මිලට වඩා සුළු වශයෙන් පහත වැටී ඇති අතර, එය රුපියල් 122,336.35ක් ලෙස වාර්තා වේ. 

පොල්වල මිල අඩුවීම නිසා වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද පොල් ගෙඩි ප්‍රමාණය සතියකට පෙර පැවති ගෙඩි 540,267 සිට 274,450 දක්වා අඩු විය.

මේ අතර දේශීය වෙළඳපොළේ නොවැම්බර් 13 වන දින විශාල පොල් ගෙඩියක තොග මිල රුපියල් 175 – 185ක් ලෙස වාර්තා වූ අතර, කුඩා පොල් ගෙඩියක මිල රුපියල් 150 – 165ක් ලෙස වාර්තා විය. 

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල එක් පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 198-220ක් විය.

කුරුණෑගල ප්‍රදේශයේ එක් පොල් ගෙඩියක් සඳහා ගොවිපළ මිල (Farmgate price) රුපියල් 135-150ක් ලෙස සඳහන් විය.

කොප්පරා කිලෝග්‍රෑම් 250ක මිල රුපියල් 120,000ත් 125,000ත් අතර පැවතුණි.

ඒ අනුව පොල්තෙල් මෙට්‍රික් ටොන් එකක දේශීය තොග මිල රුපියල් 800,000ත් 850,000ත් අතර විය.