
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත රථවාහන ලියාපදිංචිය අඩුවී ඇති බව කොළඹ තැරැව්කාර සමාගමක් වන J B Securities විසින් සිදුකළ රථවාහන ලියාපදිංචි කිරීමේ දත්ත විශ්ලේෂණ වාර්තාවක සඳහන් ය.

2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත රථවාහන ලියාපදිංචිය අඩුවී ඇති බව කොළඹ තැරැව්කාර සමාගමක් වන J B Securities විසින් සිදුකළ රථවාහන ලියාපදිංචි කිරීමේ දත්ත විශ්ලේෂණ වාර්තාවක සඳහන් ය.
ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී වාහන 48,708ක් ලියාපදිංචි වී තිබූ අතර, ඔක්තෝබර් මාසයේ වන විට එය 47,685ක් දක්වා පහළ ගොස් ඇත.
බලපෑ සාධක : මේ සඳහා හේතු වී ඇත්තේ මෝටර් රථ සහ SUV/Crossover රථ ලියාපදිංචි වීම අඩුවීමයි.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ 3,934ක්ව තිබූ මෝටර් රථ ලියාපදිංචිය ඔක්තෝබර් මාසයේදී 3,612ක් දක්වා ද, 5,813ක්ව තිබූ SUV/crossover රථ ලියාපදිංචිය 5,075 දක්වා ද පහළ වැටී ඇත.
ආනයනය කරන ලද වාහනයන්හි මෝටරවල ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් වාහන රඳවා තබා ගැනීම නිසා BYD රථ ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාව ද පහත වැටුණු අතර, සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කරන ලද වාහන ගණන වූ 1,531, ඔක්තෝබර් මාසය වන විට 531 දක්වා පහත වැටී ඇත.
කෙසේ වෙතත්, BAW සන්නාමයේ E-7 නැමැති කුඩා මෝටර් රථ මාදිලියක් ලියාපදිංචි කිරීම් 263ක් වාර්තා කරමින් අදාළ වාහන කාණ්ඩයේ ඉහළම ලියාපදිංචි කිරීමක් වාර්තා කර ඇත.
වෙළඳ වාහන අංශය : මේ අතර වෑන් රථ, කුඩා ට්‍රක් රථ සහ බර ට්‍රක් රථ ලියාපදිංචි වීම වැඩි වී, ස්ථාවර මට්ටමක පවතී.
ඒ අනුව වෑන් රථ ලියාපදිංචිය 551 සිට 716 දක්වා ඉහළ ගිය අතර, කුඩා ට්‍රක් රථ (mini-trucks) 14 සිට 200 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වුවත්, සැහැල්ලු ට්‍රක් රථ (lite trucks) 112 සිට 104 දක්වා පහත වැටුණ ද, එය අගෝස්තු මාසයේ වාර්තා වූ වාහන ලියාපදිංචි කිරීම් ගණන වූ 66ට වඩා වැඩි ය.
විශේෂයෙන්ම TAFE සන්නාමයේ විශාල ට්‍රැක්ටර් ලියාපදිංචිය 701 සිට 1,031 දක්වා ඉහළ ගිය අතර, අත් ට්‍රැක්ටර් ලියාපදිංචි කිරීම් 85 සිට 128 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වුවත්, ත්‍රිරෝද රථ ලියාපදිංචිය ඒකක 3,015 සිට ඒකක 2,541 දක්වා පහත වැටුණද, එය අගෝස්තු මාසයේ වාර්තා වූ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව වූ 2,497ට වඩා වැඩි අගයක් ගනී.