මෙම උළෙල සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසිනි.
මෙහිදී මේ පිළිබඳ අදහස් දැක්වූ ඉන්දියාවේ වැඩබලන මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ, මෙම උළෙල 2024 වසරේ සාර්ථකව පැවැත්වූ “භාරත් – ශ්‍රී ලංකා මෛත්‍රී උත්සවයේ” ඊළඟ පියවර බවයි.
එමෙන්ම, මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බැඳී පවතින උරුමය සහ නිර්මාණාත්මකභාවය සමරන ප්‍රබල සාක්ෂියක් වන අතර, එය සම්ප්‍රදාය සහ නවෝත්පාදනය අතර ජීවමාන බැඳීමක් පිළිඹිබු කරන බව ද පැවසුවේ ය.
ඉන්දීය ආර්ථිකය තුළ ශිල්ප කර්මාන්තය අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, එය මිලියන හතකට අධික ජනතාවකට රැකියා සපයන බවත්, එය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් තිරසාර ආර්ථික වර්ධනයට දායක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම උළෙල නොවැම්බර් 13 සිට 16 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙන අතර, එය දෙරටේ කලාත්මක දායාදයන්, සම්ප්‍රදායන් සහ සමකාලීන නිර්මාණශීලීත්වය මුසු වූ විශිෂ්ඨ අත්දැකීමක් ලබා දෙනු ඇත.
එපමණක් නොව මෙමගින් සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ දෙරට ජනතාවගේ සබඳතා තවදුරටත් ශක්තිමත් වීම සංකේතවත් කරයි.