
ශ්‍රී ලංකාවේ 2026 අයවැය යෝජනා පිළිබඳව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) ඊයේ (11) ධනාත්මක ඇගයීමක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ 2026 අයවැය යෝජනා පිළිබඳව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) ඊයේ (11) ධනාත්මක ඇගයීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය යෝජනාව මගින් මූල්‍ය ඒකාබද්ධ කිරීමක් (fiscal consolidation) අපේක්ෂා කරන බව ෆිච් ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන කෙරෙහි ශ්‍රී ලංකාවේ කැපවීම ද තහවුරු කරයි.
එමෙන්ම IMF මගින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ හිමිවීමට නියමිත ඩොලර් මිලියන 347ක තෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා මෙම ඇගයීම තීරණාත්මක සාධකයක් ලෙස සැලකේ.
අතිරික්ත ඉලක්ක : 2026 අයවැය මගින් රජයේ ණය අඩු කිරීමට හා දළ දේශීය නිෂ්පාදිතය (GDP) වැඩි කිරීමේ අරමුණ කෙරෙහි ඇති අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරන බව ෆිච් අවධාරණය කරයි.
2026 දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.1%ක් ලෙස ඉලක්ක කර තිබුණද, පොලී ගෙවීම් වලට පෙර ප්‍රාථමික ශේෂය (Primary Balance) දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක අතිරික්තයක් ලෙස පවත්වා ගැනීමට අපේක්ෂිත ය.
ඒ අනුව මෙසේ වාර්තා වූ 2.5%ක අගය, IMF වැඩසටහන යටතේ නියම කර ඇති 2.3%ක ඉලක්කය ඉක්මවා යාමක් ලෙස සැලකේ.
අනතුරු ඇඟවීමක් : 2026 අයවැය පිළිබඳ ධනාත්මක සංඥා ලබා දෙන අතරේම, ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රධාන අවදානම් කිහිපයක් ද පෙන්වා දෙයි.
ඒ අනුව බදු ආදායම් වර්ධනය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සමගාමීව පවත්වා ගැනීමට අපොහොසත් වුවහොත්, මූල්‍ය පීඩනය තවදුරටත් උග්‍ර විය හැකිය.
කෙසේ වෙතත්, වැට් ලියාපදිංචි කිරීමේ සීමාව අඩු කිරීම වැනි නව බදු ප්‍රතිසංස්කරණ මගින් ආදායම් වර්ධනය විය හැකි බවට ද ෆිච් විශ්වාසය පළ කරයි.
ඒ අනුව සැලසුම්ගත ආයෝජන ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි අඩුපාඩු හේතුවෙන් රටේ දිගුකාලීන ආර්ථික වර්ධන විභවය දුර්වල විය හැකි බවත්, එය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ අභියෝගය තවදුරටත් සංකීර්ණ කළ හැකි බවත් ෆිච් අනතුරු අඟවයි.
2027 වන විට දළ ණය හා දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 96%ක් දක්වා අඩු වනු ඇතැයි පුරෝකථනය කළ ද, එය ‘CCC’ ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයේ රටවල මධ්‍යන්‍යය අගය වන 74%ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනී.
කෙසේ වුවත් IMF වැඩසටහන 2027 දී අවසන් වීමෙන් පසු, 2028 සිට ණය ආපසු ගෙවීමේ බැඳීම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, මධ්‍ය කාලීන ණය අවදානම් වැඩි වනු ඇති බව ෆිච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.