
2026 අයවැයට අනුව, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති, එහෙත් ගෙවීම් පැහැර හැර ඇති රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නිකුත් කර ඇති සහතික පත්‍ර (letters of comfort) සහ භාණ්ඩාගාර ඇපකර (Treasury guarantees) ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට සිදුව ඇති බව සඳහන් ය.

2026 අයවැයට අනුව, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති, එහෙත් ගෙවීම් පැහැර හැර ඇති රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නිකුත් කර ඇති සහතික පත්‍ර (letters of comfort) සහ භාණ්ඩාගාර ඇපකර (Treasury guarantees) ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට සිදුව ඇති බව සඳහන් ය.
ඒ අනුව “රාජ්‍ය ව්යවසායයන්වලට ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලට භාණ්ඩාගාර ඇපකර හෝ සහතික පත්‍ර නිකුත් කර ඇත.”
“දිගුකාලීනව ලැබූ පාඩු සහ රට තුළ ඇතිවූ මූල්‍ය අර්බුද හේතුවෙන්, ව්‍යවසායයන්ට ලබාගත් ණය ආපසු ගෙවීමට නොහැකි වී ඇත.”
“ඒ අනුව 2026.12.31 දින දක්වා වලංගු වන මෙම බැඳීම් හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මේ වසර තුළදී සමථයකට පත් කරනු ඇත” යනුවෙන් අයවැය වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුවත් මෙකී ණය ගෙවා දැමීම සඳහා ගෙවිය යුතු මුළු මුදල හෝ ඇපකරයන් ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව අයවැයේ කිසිදු සඳහනක් නොමැත.
එහෙත් මුදල් අමාත්‍යාංශයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ප්‍රධාන වශයෙන් ලබා දී ඇති රුපියල් බිලියන 554ක රාජ්‍ය බැංකු ණය සඳහා භාණ්ඩාගාරය විසින් දැනටමත් ඇප ලබා දී ඇති බවයි.
ඒ අතර ලංකා බැංකුව (Bank of Ceylon) විසින් රාජ්‍ය ව්‍යවසායයන්ට ලබා දුන් රුපියල් බිලියන 259.6ක ණය ද ඇතුළත් විය.
එයින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා බිලියන 59.3ක් ද, ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බිලියන 44.6ක් ද, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා බිලියන 105ක් ද ලබා දී ඇත.
සැබෑ ණය හිඟය : මෙකී ණය, රාජපක්ෂ පාලන සමයේදී අනුමත කර ඇත්තේ ‘අයවැයෙන් බැහැර වූ වියදම් හා ගිණුම්වලින් බැහැර වූ වියදම්’ ලෙස වන අතර, එමඟින් පසුගිය සමයේ පැවති සැබෑ ණය හිඟය ගණනය කර ගැනීමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත්, අයවැය මගින් ‘පරතරය පිරවීම’ (gap-financing) යන ක්‍රමයට මාර්ග සංවර්ධන අධිකාරිය හට මුදල් ආපසු ගෙවීම සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කර ඇතත්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගවලින් කිසිදු ආදායමක් අය නොකරන නිසා ආදායමක් නොමැති බැවින්, ‘පරතරය’ පිරවීමක් සිදු නොවන බව දැකගත හැකිය.
එනමුත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී මාර්ගවලින් යම් ආදායමක් ඉපැයුව ද, එකී ආදායම අධිවේගී මාර්ග ඉදිකිරීමට ලබා ගත් ණය පියවීම සඳහා යොදවනු ලබයි.
ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඇප දී ඇති තවත් රුපියල් බිලියන 162.9ක ණය තුළින්, රුපියල් බිලියන 99.2ක් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා විය.
එපමණක් නොව මහජන බැංකුව (People’s Bank) විසින් ඇප ලබා දී ඇති තවත් රුපියල් බිලියන 131.79ක ණය වලින් රුපියල් බිලියන 50.6ක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ද, රුපියල් බිලියන 40.3ක් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා ද විය.
කෙසේ වුවත් දැනට රාජ්‍ය බැංකුවල විශාල මුදල් සංචිතයක් තැන්පත් කර ඇති නිසා, ඉන් සමහරක් ‘ස්ථාවර තැන්පතු මත ණය ගැනීම’ වැනි චක්‍රීය යෝජනා ක්‍රමයකින් භාණ්ඩාගාරය තුළ නැවත නැවත ආයෝජනය කළ හැකිය.
මේ අනුව ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් හට ශ්‍රී ලංකා භාණ්ඩාගාරය විසින් ඇප කරන ලද, රාජ්‍ය ව්‍යවසායයන්ගේ කල් ඉකුත් වූ බිලියන ගණනක ණය ගෙවා දැමීමට සිදුවේ.