
ශ්‍රී ලංකාවේ ආනයන අංශය 2025 වසරේ මුල් මාස නවය තුළ සමස්තයක් ලෙස ශක්තිමත් වුවද, මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ජංගම ගිණුම (current account) ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආනයන අංශය 2025 වසරේ මුල් මාස නවය තුළ සමස්තයක් ලෙස ශක්තිමත් වුවද, මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ජංගම ගිණුම (current account) ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා කරන ලදී.
2025 වසර සඳහා ප්‍රථම වතාවට වන අතර, මෙම තත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධව ඇති වූ විශාල වර්ධනයයි.
මහ බැංකුව පෙන්වා දෙන පරිදි, පුද්ගලික හා වාණිජ වශයෙන් ආනයනය කරන ලද වාහනවල මුළු වත්කම, සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 286ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී සමස්ථ ආනයන 24.5%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 2.05ක් ලෙස සටහන් වූ අතර, අපනයන ක්ෂේත්‍රය වර්ධනය වූයේ 12.5%කින් පමණක් වන බැවින්, වෙළඳ ගතිකත්වයේ වෙනසක් පැහැදිලිව පෙන්නුම් වේ.
කෙසේ වෙතත්, වසරේ පළමු මාස නවයේ වාහන ආනයනය සඳහා සමස්තයක් වශයෙන් ඩොලර් බිලියන 1.2ක් වැය කර ඇති බව සඳහන් ය.
අපනයන සහ සංචිතවල තත්ත්වය
සැප්තැම්බර් මාසයේ මාසික හිඟයක් වාර්තා වුවද, 2025 වසරේ මුල් මාස නවය සඳහා සමස්ත ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් බිලියන 1.9ක් ලෙස ස්ථාවරව පැවතුණේ, පෙර වසරට වඩා 29%ක වර්ධනයක් පෙන්නුම් කරමිනි.
ඒ අනුව මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ :
කෙසේ වුවත් මෙරට මුදල් ඒකකයේ තත්වය සලකා බැලීමේ දී, ශ්‍රී ලංකා රුපියල 2025 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 3.9%කින් අවප්‍රමාණය වී තිබේ.
විදේශ ආයෝජන සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළට ශුද්ධ ගලා ඒමක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ශුද්ධ පිටතට ගලා යාමක් ද වාර්තා විය.