
ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක ක්ෂේත්‍රයට සහය දැක්වීම සඳහා ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක් අනුමත කළ බව ඊයේ (27) ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක ක්ෂේත්‍රයට සහය දැක්වීම සඳහා ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක් අනුමත කළ බව ඊයේ (27) ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම අරමුදල වනාහී ශ්‍රී ලංකාව තුළ තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගිම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබෙන ඩොලර් මිලියන 70ක සහනදායී ණයක් සහ ඩොලර් මිලියන 30ක සාමාන්‍ය ණයක් ලෙස හඳුන්වා දී ඇත.
ක්ෂේත්‍ර විවිධාංගීකරණයට සහය : මෙම වැඩසටහන මඟින් සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය ඇතුළු තවමත් අවධානය යොමු නොවූ සංචාරක ප්‍රදේශ ගවේෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සිදුවේ. තවද, නව සංචාරක ගමනාන්ත විවෘත කිරීම සහ ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම සඳහා අවශ්‍ය වපසරිය නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණය සඳහාද මෙම වැඩසටහන උපකාරී වනු ඇත.
එය දඹුල්ල (සීගිරිය ඇතුළුව) සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන සංචාරක ගමනාන්ත දෙකෙහි පාලනය, වත්කම් කළමනාකරණය, සංචාරක ප්‍රවර්ධනය සහ අලෙවිකරණය, ඩිජිටල්කරණය සහ තිරසාර සංචාරක සහ නාගරික සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රයේ බහුවිධ අංශ හරහා ප්‍රතිපත්තිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ද සහාය වනු ඇත.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය මගින් සංචාරක අංශය වැඩිදියුණු කිරීම, සංචාරක කර්මාන්තයට පෞද්ගලික අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම, මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සහ විදේශ විනිමය ඉපැයීම් වැඩි කිරීමට සහාය වන බවයි.
එමෙන්ම නිෂ්පාදන සංවර්ධනය සහ ඉහළ මට්ටමේ ගමනාන්ත අලෙවිකරණය වැඩිදියුණු කරමින් ශක්තිමත් කරන අතරම, යටිතල පහසුකම් සංවර්ධනයට ද උපකාරී වනු ඇත.
ආසියානු සංවර්ධන බැංකුවෙහි ශ්‍රී ලංකා ජාත්‍යන්තර අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ (Takafumi Kadono) මහතා මෙම වැඩසටහන පිළිබද තම අදහස් දක්වමින් සඳහන් කළේ, 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ධාරාව 2018 වසරේ පැවති මට්ටමට නැවත පැමිණ ඇති බවයි. එසේ වුවද, සංචාරක කර්මාන්තය නිසා මෙරටට ලැබුණු ඩොලර් ප්‍රමාණය කොරෝනා වසංගතය පැවතීමට පෙර පැවති ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බව ද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව සුදුසු ප්‍රතිපත්තිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ අභ්‍යන්තර හා බාහිර කම්පනවලට එරෙහිව සංචාරක අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම කළ යුතුය. ඒ තුළින් සංචාරක ව්‍යාපාරය සමස්ත ආර්ථික වර්ධනයේ ‘එන්ජිම’ බවට පත් කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය.