මෙවර තේමාව : ඒ අනුව “අනාගතය හැඩගැස්වීම” (Shaping the Future) යන තේමාව යටතේ පැවති 16 වන UNCTAD සමුළුව, සාමාජික රාජ්‍යයන් 195 ක නායකයින්ගේ සහභාගීත්වයෙන් හෙට දක්වා ජිනීවාහිදී පැවැත්වේ.
දේශගුණික බලපෑම් සහ දැරිය නොහැකි ණය බරෙහි සිට ඩිජිටල් සහ ආර්ථික බෙදීම් දක්වා ශ්‍රී ලංකාව වශයෙන් අප මුහුණ දෙන බහුවිධ අර්බුද ගෝලීය ආර්ථිකයේ ගැඹුරු අසමානතා ඇති බවත්, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ සහ සාමූහික විසඳුම් අවශ්‍ය වන බවත් සමරසිංහ සමුළුව අමතමින් සදහන් කර ඇත.
වෙළඳාම් සහ සංවර්ධන උපාය මාර්ග හැඩගැස්වීමේදී සහ ජාතික ප්‍රමුඛතා සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශය ආරක්ෂා කිරීමේදී UNCTADහි මධ්‍යම භූමිකාව සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඔහු යළිත් තහවුරු කළේ ය.
තිරසාර ගෝලීය ආර්ථිකයක් : එමෙන්ම සියලුම රටවල්වලට ප්‍රතිලාභ ලබා ගැනීමට සහ ප්‍රතිරෝධය ගොඩනැගීමට හැකි වන පරිදි තාක්ෂණය හුවමාරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බවත්, එක් අරමුණක් හරහා ගොඩනැගුණු සහයෝගීතාවයක් තුළින් වඩාත් සාධාරණ සහ තිරසාර ගෝලීය ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බව වසන්ත සමරසිංහ සදහන් කළේ ය.
“අපි මෙසේ හමුවන්නේ ලෝකය බොහෝ අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවකයි. සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා හා අවදානමට ලක්විය හැකි ජාතීන් මෙනිසා පීඩනයට ලක්ව සිටී.”
“COVID-19 වසංගතය, දේශගුණික ගැටලු, ණය අර්බුද සහ ඉහළ යන ගෝලීය ආතතීන් නිසා අපගේ ආර්ථිකයන් වර්ධනය කර ගැනීමටත් අපේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමටත් අපහසු වී ඇත.”
“නමුත් අපි බලාපොරොත්තු අත්හැරීමට සූදානම් නැහැ.”
“බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය තවමත් වැදගත් බව පෙන්වීමටත්, විසඳුම් සෙවීමටත් අපි මෙහි පැමිණ සිටිමු,” යනුවෙන් ඔහු සමුළුව අමතමින් සදහන් කළේ ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව බලාපොරොත්තු සහගතව සිටින බවත්, UNCTAD සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවට ශක්තිමත්ව ප්‍රකෘතිමත්, හරිත ආර්ථිකයන් ගොඩනගා ගත හැකි බවත්, මෙනිසා අපගේ ජනතාවට වඩා හොඳ අනාගතයක් ලබා දිය හැකි බවත් ය.