GovPayහි වත්මන් තත්ත්වය: GovPay පද්ධතියේ සාර්ථකත්වය සහ වත්මන් තත්ත්වය සනිටුහන් කරමින්, පුරසිංහ වැඩිදුරටත් පැවසුවේ 2025 පෙබරවාරි මාසයේ එය දියත් කළ දා සිට ගෙවීම් රුපියල් මිලියන 400 ඉක්මවා ඇති බවත්, ආයතන 170ක් GovPay භාවිතා කරමින් සිටින බවත් ය.
මේ වන විට බස්නාහිර පළාත ඉහළම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා කර ඇති අතර, ආසන්න වශයෙන් රථවාහන නීති උල්ලංඝනය කිරීම් 20,000ක් සඳහා රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් එකතු කර තිබීම විශේෂත්වයකි.
අනාගත සැලසුම් මොනවාද?: වත්මන් ව්‍යාප්ති සැලසුම් යටතේ, රථවාහන නීති උල්ලංඝනයන් සඳහාවන, අවස්ථාවේදීම දඩ මුදල් ගෙවීම (Spot Fines) වෙනුවෙන් GovPay පද්ධතිය මේ වන විට දකුණු පළාතට හඳුන්වා දෙමින් පවතී.
මෙම ක්‍රියාවලිය පහසු කිරීමට කලාපයේ පොලිස් ස්ථාන වෙත ජංගම උපාංග 400කට අධික සංඛ්‍යාවක් බෙදා හැර ඇත.
මීළඟ ව්‍යාප්තිය සඳහා ඉලක්ක කරන කලාපය වන්නේ උතුරු පළාත වන අතර, සම්පූර්ණ ජාතික ආවරණය වසර අවසන් වන විට සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
තවද, මෙම GovPayහි ඉදිරි සැලසුම් ලෙස, පද්ධතියේ දෙවන අදියර යටතේ “demerit points” යාන්ත්‍රණයක් හඳුන්වා දීමට නියමිත අතර, ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සමීප සම්බන්ධීකරණයක් අපේක්ෂා කරයි.