ඒ අනුව එම පද්ධතියේ පිළිගැනීමේ (acceptance) සහ ආරක්ෂක පරීක්ෂණයන් (security testing) සම්පූර්ණ කිරීමෙන් පසුව MSP ආයතනය විසින් SLUDI පද්ධතිය භාර ගනු ඇත.
දත්ත එකතු කිරීම : මෙම පද්ධතියේ මූලික මෙහෙයවීම් ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රධාන පද්ධති ඒකාබද්ධකරුවකු (Master Systems Integrator – MSI) විසින් සිදු කරනු ලබන අතර, MSP වෙත පවරා දීමේදී MSI ආයතනය ව්‍යාපෘතියෙන් ඉවත් වී යනු ඇත.
ඒ අනුව MSP විසින් මෙකී දත්ත පද්ධතිය භාර ගැනීමෙන් පසුව සහ තවදුරටත් මෙහෙයුම් සහතික කිරීමේ පරීක්ෂණ (operational assurance tests) සහ නියමු මෙහෙයුම් (Pilot operations) සිදුකිරීමෙන් පසුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් SLUDI පද්ධතිය සඳහා මෙරට ජනතාවගේ ජන විද්‍යාත්මක (demographic) සහ ජෛවමිතික (biometric) දත්ත එකතු කිරීම ආරම්භ කරනු ඇත.
මෙම ක්‍රියාවලිය 2026 වසරේ දෙවන භාගයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
SLUDI ව්‍යාපෘතිය රජයේ ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර, එය මෙරට වෙසෙන සියලු දෙනා ඇතුළත් කර සකසන ලද, ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් පොදු සේවා සහිත තාක්ෂණයෙන් මෙහෙයවෙන සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කරයි.
ඒ අනුව මෙම පද්ධතිය මගින් රජයේ සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම මෙන්ම මූල්‍ය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආණ්ඩුවේ ගැටලුවලට නවීන විසඳුම් ලබාදීමට පදනමක් වනු ඇත.
ආයතන තෝරාගැනීම් : මේ අනුව ශ්‍රී ලාංකික MSP ආයතනය 2025 දෙසැම්බර් මාසය තුළදී තෝරා ගැනීමට අපේක්ෂා කරන අතර, එමඟින් MSP ආයතනයට මාස හයක කාලයක් පුරා MSI සමඟ වැඩ කරමින් මෙම ව්‍යාතියට අදාළව පද්ධති දැනුම හා විශේෂඥභාවය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව SLUDI හි මෙහෙයුම් අදියර MSP ආයතනයේ ක්‍රියාකාරිත්වය මත සැලකිය යුතු ලෙස රඳා පවතින අතර ඔවුන්ගේ කාර්යභාරය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසර පද්ධතිය තුළ තීරණාත්මක අවධියක් සනිටුහන් කරනු ඇත.
ICTA ආයතනය විසින් මෙකී ඩිජිටල් වේදිකාව කළමනාකරණය කිරීමට සහ මෙහෙයවීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික ආයතනවල සූදානම, තාක්ෂණික විශේෂඥභාවය සහ මූල්‍ය හැකියාව තක්සේරු කිරීම සඳහා තොරතුරු ඉල්ලීමක් (Request for Information – RFI) නිකුත් කර ඇත.